ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් 9:17 - Sinhala Revised Old Version

අදාර් මස දහතුන්වෙනිදා ඔව්හු එසේ කර දහහතරවෙනිදා නිවාඩුගෙන, ඒ දවස ප්‍රීතිමත්වූ මංගල්‍ය දවසක් කරගත්තෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අදාර් මස දහතුන් වන දා ඔව්හු එසේ කර, දහහතර වන දා නිවාඩු ගෙන, ඒ දවස ප්‍රීතිමත් මංගල්‍ය දවසක් කරගත්හ.

පරිච්ඡේදය බලන්න



එස්තර් 9:17
5 හුවමාරු යොමු  

එවිට පළමුවෙනි මාසයේ දහතුන්වෙනිදා රජුගේ ලේකම්වරුන්ට අඬගස්වා, හාමාන් අණකළ සියල්ල ලෙස රජුගේ දිසාධිපතීන්ටද සියලු රටවල ආණ්ඩුකාරයන්ටද එක එක සෙනඟගේ අධිපතීන්ටද එක එක රටේ අකුරුවලින් සහ එක එක සෙනඟගේ භාෂාවෙන්ද ලියුම් ලියවා හැරියේය; අහෂ්වේරොෂ් රජුගේ නමින් ඒවා ලියා රජුගේ මුදුවෙන් මුද්‍රාකළේය.


එකල සීවාන් මාසය වන තුන්වෙනි මාසයේ විසිතුන්වෙනිදා රජුගේ ලේකම්වරුන් ගෙන්වනු ලැබ, මොර්දෙකයි අණ කළ සියල්ල ලෙස යුදෙව්වරුන්ටද රටවල් එකසිය විසිහතක්වූ ඉන්දියාවේ සිට කූෂ් දක්වා තිබෙන රටවල දිශාධිපතීන්ටද ආණ්ඩුකාරයන්ටද පළාත්වල අධිපතීන්ටද එක එක රටේ අකුරුවලින් සහ එක එක සෙනඟගේ භාෂාවෙන්ද යුදෙව්වරුන්ට ඔවුන්ගේ අකුරුවලින් සහ ඔවුන්ගේ භාෂාවෙන්ද ලියා යවනලද්දේය.


රජුගේ ආඥාව සහ නියෝගය ඉෂ්ටවීමට පැමින්නාවූ, යුදෙව්වරුන්ගේ සතුරන් ඔවුන් කෙරෙහි බලය පවත්වන්ට බලාපොරොත්තුව සිටි නුමුත් යුදෙව්වරුන්ම තමුන්ගේ වෛරකාරයන් කෙරෙහි බලය පවත්වන හැටියට කරුණු අනික් අතට හැරුණාවූ දවස වන අදාර් මාසය නම්වූ දොළොස්වෙනි මාසයේ දහතුන්වෙනිදා,


ෂූෂන්හි සිටිය යුදෙව්වරු වනාහි ඒ මාසයේ දහතුන්වෙනිදාත් දහහතරවෙනිදාත් රැස්වී, පහළොස්වෙනිදා නිවාඩුගෙන, ඒ දවස ප්‍රීතිමත්වූ මංගල්‍ය දවසක් කරගත්තෝය.


අදාර් මාසයේ දහහතරවෙනිදාත් පහළොස්වෙනිදාත් යුදෙව්වරුන් තමුන්ගේ සතුරන්ගෙන් නිදහස්වුණ දවස් කොටද ඔවුන්ගේ ශෝකය ප්‍රීතියටත් ඔවුන්ගේ වැලපීම සන්තෝෂ දවසකටත් හැරුණු මාසය කොටද අවුරුදු පතා පවත්වමින්,