එස්තර් 9:1 - Sinhala Revised Old Version රජුගේ ආඥාව සහ නියෝගය ඉෂ්ටවීමට පැමින්නාවූ, යුදෙව්වරුන්ගේ සතුරන් ඔවුන් කෙරෙහි බලය පවත්වන්ට බලාපොරොත්තුව සිටි නුමුත් යුදෙව්වරුන්ම තමුන්ගේ වෛරකාරයන් කෙරෙහි බලය පවත්වන හැටියට කරුණු අනික් අතට හැරුණාවූ දවස වන අදාර් මාසය නම්වූ දොළොස්වෙනි මාසයේ දහතුන්වෙනිදා, Sinhala New Revised Version රජුගේ ආඥාවේ නියෝගය ක්‍රියාත්මක වන දිනය වන අදාර් නම් දොළොස් වන මාසයේ දහතුන් වන දිනය පැමිණියේ ය. ජුදෙව්වරුන්ගේ සතුරන් ඔවුන් සිය බලයට යටත් කරගැනීමට බලාපොරොත්තු වූ දිනය එය වූ නමුත්, එය ජුදෙව්වරුන් විසින් සිය සතුරන් යටත් කරගැනීමේ දිනයකට හරවාගන්නා ලදී. |
අදාර් මාසය නම්වූ දොළොස්වෙනි මාසයේ දහතුන්වෙනිදා තරුණයන්ද මහල්ලන්ද බාලයන්ද ස්ත්‍රීන්ද යන සියලු යුදෙව්වරුන් එක දවසේම නැතිකරදමන්ටත් මරන්ටත් විනාශකරන්ටත් ඔවුන්ගේ දේපළ කොල්ලකන්ටත් කියා රජුගේ සියලු රටවලට පණිවිඩකාරයන් අත ලියුම් අරිනලද්දේය.
අහෂ්වේරොෂ් රජුගේ දොළොස්වෙනි අවුරුද්දේ නීසාන් මාසය නම්වූ පළමුවෙනි මාසයේ පටන් හාමාන් ඉදිරියෙහි දවසින් දවස මාසයෙන් මාසය අදාර් මාසය නම්වූ දොළොස්වෙනි මාසය දක්වා පූර් එනම් පසඇට දැමුවෝය.
තමුන්ගේ ප්‍රාණ උදෙසා විරුද්ධව සිටින්ටත් තමුන්ට අන්තරායකරන්ට කැමතිවූ සෙනඟද දේශවාසීන්ද යන සියලුම සේනාවල් බාලයන්ද ස්ත්‍රීන්ද ඇතුළුව නැතිකරන්ටත් මරාදමන්ටත් විනාශකරන්ටත් ඔවුන්ගේ දේපළ කොල්ලකාගන්ටත් අහෂ්වේරොෂ් රජුගේ සියලුම රටවල එක එක නුවර සිටින යුදෙව්වරුන්ට රජ අවසර දෙන්නේය යනුයි.
මක්නිසාද මාගේ ජාතියට පැමිණෙන නපුර දැක දැක මා ඉවසාගන ඉන්නේ කොහොමද? මාගේ නෑයන්ගේ විනාශය දැක දැක ඉවසාගන ඉන්නේ කොහොමදැයි කීවාය.
අදාර් මස දහතුන්වෙනිදා ඔව්හු එසේ කර දහහතරවෙනිදා නිවාඩුගෙන, ඒ දවස ප්‍රීතිමත්වූ මංගල්‍ය දවසක් කරගත්තෝය.
ඔබ මාගේ වැලපීම නැටීමට පෙරළූසේක; ඔබ මාගේ ගෝණි රෙදි මුදා සතුටු පිළියෙන් මාගේ ඉණ සැරසූසේක.
පේතෘස් සිහි ලැබ කථාකොට: ස්වාමීන්වහන්සේ තමන් දූතයා එවා හෙරොද්ගේ අතින්ද යුදෙව් සෙනඟගේ මුළු බලාපොරොත්තුවෙන්ද මා මිදූ බව දැන් සැබවින් දනිමියි කීවේය.
එසේය, ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ බලය පහවී තිබෙන බවද දාසයාත් නිර්දාසයාත් නැතිවී ගිය බවද දුටුවාම, ස්වකීය සෙනඟට යුක්තිය ඉෂ්ටකොට, තමන් මෙහෙකරුවන් ගැන අනුකම්පා කරන සේක.
ජාතීහු උදහස්වූවෝය, ඔබගේ උදහසද මළවුන් විනිශ්චය කරන කාලයද ඔබ ස්වකීය මෙහෙකරුවූ ප්‍රොපේතවරුන්ටත් ශුද්ධවන්තයන්ටත් ඔබගේ නාමයට භයවන ලොකු කුඩා තැනැත්තන්ට විපාක දෙන්නාවූ, පොළොව විනාශකරන්නවුන් විනාශකරන්නාවූ කාලයද පැමුණුණේයයි කීවෝය.