අහෂ්වේරොෂ් රජවුණු විට, ඔහුගේ රජකම්කිරීමේ පටන්ගැන්මේදී, ඔව්හු යූදාහිද යෙරුසලමේද වැසියන්ට විරුද්ධව දොස් පැවරූ ලියුමක් ලියා හැරියෝය.
එස්තර් 8:7 - Sinhala Revised Old Version එවිට අහෂ්වේරොෂ් රජ එස්තර් බිසවටත් යුදෙව්වාවූ මොර්දෙකයිටත් කථාකොට: හාමාන්ගේ ගෙය එස්තර්ට දුනිමි, ඔහු යුදෙව්වරුන් පිට අත හෙළූ නිසා ඔහු එල්ලුම් ගහේ එල්ලාදැමුවෝය. Sinhala New Revised Version එවිට අහෂ්වේරොෂ් රජ එස්තර් රැජිනටත්, ජුදෙව් ජාතික මොර්දෙකයිටත් කතා කොට, “හාමාන්ගේ ගෙය එස්තර්ට දිනිමි. ඔහු ජුදෙව්වරුන්ට විරුද්ධ ව කළ කුමන්ත්‍රණය නිසා ඔහු එල්ලුම් ගහේ එල්ලා දැමීමට සැලැස්සුවෙමි. |
අහෂ්වේරොෂ් රජවුණු විට, ඔහුගේ රජකම්කිරීමේ පටන්ගැන්මේදී, ඔව්හු යූදාහිද යෙරුසලමේද වැසියන්ට විරුද්ධව දොස් පැවරූ ලියුමක් ලියා හැරියෝය.
එසේ හාමාන් විසින් මොර්දෙකයිට සෑදූ එල්ලුම්ගහේම හාමාන් එල්ලා දැමුවෝය. ඉක්බිති රජුගේ කෝපය සංසිඳුණේය.
නපුංසකයන්ගෙන් එක්කෙනෙක්වූ හර්බෝනා රජු ඉදිරියෙහි කථාකොට: ඇරත් රජුගේ ශුභසිද්ධියට කථාකළාවූ මොර්දෙකයිට හාමාන් විසින් සෑදෙවු පනස් රියනක් උස ඇති එල්ලුම්ගහ හාමාන්ගේ ගෙදර ළඟ හිටවා තිබේයයි කීය. ඔහු ඒකේ එල්ලාදමන්නැයි රජ කීවේය.
ඒ දවසේදී අහෂ්වේරොෂ් රජ යුදෙව්වරුන්ගේ සතුරාවූ හාමාන්ගේ ගේදොර එස්තර් බිසවට දුන්නේය. තවද මොර්දෙකයි රජු ඉදිරියට පැමුණුණේය; මක්නිසාද එස්තර් විසින් ඇයට ඔහු ඇති නෑකම රජුට දන්වා තිබුණේය.
සත්පුරුෂයා තමාගේ දරුවන්ගේ දරුවන්ට උරුමයක් තබා යයි; පාපිෂ්ඨයාගේ වස්තුව ධර්මිෂ්ඨයන්ට තැන්පත්කොට තබා තිබේ.
ගසක එල්ලෙන සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ශාපයක්වී, ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදාගත්සේක.