රජ එස්තර් දෙසට රන් ජයකොන්තය දිගුකෙළේය. එවිට එස්තර් නැගිට රජු ඉදිරියෙහි සිට කථාකොට:
රජ එස්තර් දෙසට රන් ජයකොන්තය දිගු කෙළේ ය. එවිට එස්තර් නැඟිට රජු ඉදිරියෙහි සිට කතා කොට,
අඬගසනු නොලැබ ඇතුල්මළුවට රජු වෙතට ඇතුල්වෙන කොයි පුරුෂයෙකු වුවත් ස්ත්‍රියෙකු වුවත් නොනස්නා පිණිස රජ ඒ අය දෙසට රන් ජයකොන්තය දිගුකළොත් මිස, නැත්නම් ඔහු ගැන ඇත්තේ එකම නියමයක් බව එනම් ඔහු මැරිය යුතු බව රජුගේ සියලු සේවකයෝද රජුගේ රටවල සෙනඟද දනිති. ඇරත් රජු ළඟට යන්ට දැනට තිස් දවසකින් මම කැඳවනු නොලැබීමියි කියා මොර්දෙකයිට කියන්ට අණකළාය.
එවිට රජ එස්තර් බිසව මිදුලේ සිටිනවා දැක ඈ කෙරෙහි කරුණාකොට, තමාගේ අත තිබුණු රන් ජයකොන්තය ඈ දෙසට දිගු කෙළේය. එස්තර් ළංව ජයකොන්තයේ මුදුනේ අග ස්පර්ශකළාය.
එස්තර් නැවතත් රජු ඉදිරියෙහි කථාකොට රජුගේ පාමුල වැටී: අගාගිය හාමාන් අදහස් කළ නපුරද යුදෙව්වරුන්ට විරුද්ධව ඔහු යෝජනා කළ උපායද පහකරන මෙන් අඬා කන්නලව්කළාය.