Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්තර් 5:2 - Sinhala Revised Old Version

2 එවිට රජ එස්තර් බිසව මිදුලේ සිටිනවා දැක ඈ කෙරෙහි කරුණාකොට, තමාගේ අත තිබුණු රන් ජයකොන්තය ඈ දෙසට දිගු කෙළේය. එස්තර් ළංව ජයකොන්තයේ මුදුනේ අග ස්පර්ශකළාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 එවිට රජතුමා එස්තර් බිසව මිදුලේ සිටිනු දැක ඈට කරුණාව පා, තමාගේ අතේ තිබුණු රන් ජයකොන්තය ඈ දෙසට දිගු කෙළේ ය. එස්තර් ළං ව ජයකොන්තයේ මුදුන් කෙළවරේ අත තැබුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 5:2
9 හුවමාරු යොමු  

රජ එස්තර් දෙසට රන් ජයකොන්තය දිගුකෙළේය. එවිට එස්තර් නැගිට රජු ඉදිරියෙහි සිට කථාකොට:


අඬගසනු නොලැබ ඇතුල්මළුවට රජු වෙතට ඇතුල්වෙන කොයි පුරුෂයෙකු වුවත් ස්ත්‍රියෙකු වුවත් නොනස්නා පිණිස රජ ඒ අය දෙසට රන් ජයකොන්තය දිගුකළොත් මිස, නැත්නම් ඔහු ගැන ඇත්තේ එකම නියමයක් බව එනම් ඔහු මැරිය යුතු බව රජුගේ සියලු සේවකයෝද රජුගේ රටවල සෙනඟද දනිති. ඇරත් රජු ළඟට යන්ට දැනට තිස් දවසකින් මම කැඳවනු නොලැබීමියි කියා මොර්දෙකයිට කියන්ට අණකළාය.


රජුගේ සිත දිය පාරවල් මෙන් ස්වාමීන්වහන්සේගේ අතෙහි පවතී; උන්වහන්සේ කැමැති අතකට ඒක හරවනසේක.


ඔහු දෙස ඇස් යොමා බලා, භයපත්ව: ස්වාමිනි, කිමෙක්දැයි ඇසීය. ඔහු කථාකොට: නුඹේ යාච්ඤාද දානද සිහිවීමක් කොට දෙවියන්වහන්සේ ඉදිරියට පැමුණුණේය.


නුමුත් දෙවියන්වහන්සේ ඔහු සමඟ සිට, ඔහුගේ සියලු දුක්වලින් ඔහු මුදා, මිසරයේ රජවූ ඵාරාවෝ ඉදිරියෙහි කරුණාවත් ප්‍රඥාවත් ඔහුට දුන්සේක; ඒ රජ මිසරයටද තමාගේ මුළු ගෙටද ඔහු ආණ්ඩුකාරයා කොට පත්කෙළේය.


ස්වාමීන්ට ප්‍රේමකරමි, මක්නිසාද උන්වහන්සේ මාගේ ශබ්දයද මාගේ කන්නලව්වද ඇසූසේක.


තරුණීද ඔහුට ප්‍රියවී ඔහුගෙන් කරුණාව ලැබුවාය; ඔහු ඉක්මන්කර ඇගේ පවිත්‍රවීම සඳහා දේවල්ද ඇගේ ආහාර කොටසද දුන්නේය; ඈට දීමට සුදුසුවූ, රජ ගෙදරින් තෝරනලද තරුණියන් සත්දෙනෙක්ද ඈටදී, ඈ සහ ඇගේ වැඩකාරියන් ස්ත්‍රීන්ගේ ගෙයි ඉතා හොඳ ස්ථානයට පැමිණෙවුවේය.


අහෝ ස්වාමීන්වහන්ස, ඔබගේ මෙහෙකරුවාගේ යාච්ඤාවටත් ඔබගේ නාමය කෙරෙහි භය පක්ෂව සිටීමට ප්‍රියවෙන ඔබගේ මෙහෙකරුවන්ගේ යාච්ඤාවටත් ඔබගේ කන් යොමා, අද ඔබගේ මෙහෙකරුවාට සඵලය දී, මේ මනුෂ්‍යයා ඉදිරියෙහි ඔහුට කරුණාව ලැබෙන්ට සැලැස්සුව මැනවයි කීමි. මම වනාහි රජුගේ පාත්‍රාධාරීව සිටියෙමි.


යාකොබ්යයි ඔහු කීය. නුඹ දෙවියන්වහන්සේ සමඟත් මනුෂ්‍යයන් සමඟත් පොරබදා ජයගත් නිසා නුඹේ නම මින්මතු යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේයයි උන්වහන්සේ කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්