නුමුත් නපුංසකයන් අත රජු කියා ඇරිය අණට එන්ට වස්තී බිසව අකැමැතිවූවාය. එබැවින් රජ ඉතා උදහස්වී, ඔහුගේ කෝපය ඔහු තුළ ඇවුළුණේය.
එස්තර් 3:5 - Sinhala Revised Old Version මොර්දෙකයි තමාට නැමී නමස්කාර නොකරන බව හාමාන් දැක කෝපයෙන් පිරුණේය. Sinhala New Revised Version මොර්දෙකයි තමාට හිස නමා ආචාර නොකරන බව දැක හාමාන් කෝපාවිෂ්ට විය. |
නුමුත් නපුංසකයන් අත රජු කියා ඇරිය අණට එන්ට වස්තී බිසව අකැමැතිවූවාය. එබැවින් රජ ඉතා උදහස්වී, ඔහුගේ කෝපය ඔහු තුළ ඇවුළුණේය.
රජවාසල සිටි රජුගේ සියලු සේවකයෝද හාමාන්ට නැමී වැන්දෝය. මක්නිසාද ඔහු ගැන රජ එසේ අණකර තිබුණේය. නුමුත් මොර්දෙකයි ඔහුට හිස නැමුවේවත් වැන්දේවත් නැත.
ඔවුන් දවස්පතා ඔහුට මෙසේ කී නුමුත් ඔහු ඇහුම්කන්නුදුන් බැවින්, මොර්දෙකයිගේ කාරණා ස්ථිරවේදෝ කියා බලන පිණිස ඔව්හු හාමාන්ට දැන්නුවෝය. මක්නිසාද තමා යුදෙව්වෙක් බව මොර්දෙකයි ඔවුන්ට කියා තිබුණේය.
හාමාන්ද ඒ දවසේදී සන්තෝෂවී ප්‍රීතිමත් සිතකින් පිටතට ගියේය. එහෙත් හාමාන් තෙම රජවාසල උන් මොර්දෙකයි තමා ඉදිරියෙහි නැගිට්ටේවත් තමා සැලකුවේවත් නැති බව දැක ඔහු කෙරෙහි උදහසින් පිරුණේය.
අධික තරහකාරයා දඬුවම විඳින්නේය; මක්නිසාද නුඹ ඔහු මිදුවත් නැවත නැවතත් එසේ කරන්ට ඕනෑ වෙයි.
එකල නෙබුකද්නෙශර් කෝපයෙන් පිරුණේය, ෂද්‍රක්ටද මේෂක්ටද අබේද්-නෙගෝටද විරුද්ධව ඔහුගේ මුහුණේ පෙනුම වෙනස්විය. ඔහු කථාකොට, පුරුදු ප්‍රමාණයට වඩා සත්ගුණයක් උදුන රත්කරන්ට අණ කෙළේය.