ඵාරාවෝ වනාහි තමාගේ අතේ තිබුණ පේරැස් මුද්ද ගළවා යෝසෙප්ගේ අතේ දමා, සිහින් වස්ත්‍රයෙන් ඔහු අඳවා, ඔහුගේ කරෙහි රන් මාලාවක් ලා,
එස්තර් 3:10 - Sinhala Revised Old Version රජ තමාගේ අතින් මුදුව ගළවා යුදෙව්වරුන්ගේ සතුරාවූ අගාගිය හම්මෙදාතාගේ පුත්‍රවූ හාමාන්ට දී ඔහුට කථාකොට: Sinhala New Revised Version රජ තමාගේ අතින් මුදුව ගලවා ජුදෙව්වරුන්ගේ සතුරා වූ ආගග් ජාතික හම්මෙදාතාගේ පුත් හාමාන්ට දී ඔහුට කතා කොට, |
ඵාරාවෝ වනාහි තමාගේ අතේ තිබුණ පේරැස් මුද්ද ගළවා යෝසෙප්ගේ අතේ දමා, සිහින් වස්ත්‍රයෙන් ඔහු අඳවා, ඔහුගේ කරෙහි රන් මාලාවක් ලා,
මේ කාරණාවලට පසු අහෂ්වේරොෂ් රජ අගාගිය හම්මෙදාතාගේ පුත්‍රවූ හාමාන් උසස්කරමින් උතුම්කමට පමුණුවා, තමා වෙත සිටිය සියලු අධිපතීන්ට වඩා උත්තම ආසනයක් ඔහුට දුන්නේය.
රජතුමා ප්‍රසන්න නම් ඔවුන් නැතිකරදමන හැටියට ලියාහරිනු ලැබේවා. මමද රාජ භාණ්ඩාගාරයට ගෙනෙන පිණිස රාජකාරිය භාරකාරයන් අතට රිදී තලෙන්ත දසදහසක් කිරා දෙන්නෙමියි කීවේය.
එස්තර්ද: එදිරිකාරයෙක්ද සතුරෙක්ද වූ මේ දුෂ්ට හාමාන්යයි කීවාය. එවිට හාමාන් රජුද බිසවද ඉදිරියෙහි භයපත්විය.
රජතෙමේ හාමාන්ගෙන් ආපසු ගත්තාවූ තමාගේ මුදුව ගළවා මොර්දෙකයිට දුන්නේය. එස්තර් තොමෝ මොර්දෙකයි හාමාන්ගේ ගේදොර කෙරෙහි ප්‍රධානියා කළාය.
ඉතින් නුඹලාට හොඳව පෙනෙන හැටියට නුඹලා යුදෙව්වරුන් උදෙසා රජුගේ නාමයෙන් ලියුම් ලියා රජුගේ මුදුවෙන් මුද්‍රාකර අරින්න. මක්නිසාද රජුගේ නාමයෙන් ලියා රජුගේ මුදුවෙන් මුද්‍රාකළ පත්‍රයක් කාටවත් අවලංගුකරන්ට බැරියයි කීවේය.