මා නුඹ වෙතට මිසරයට එන්ට පළමුවෙන් මිසර දේශයෙහි නුඹට උපන් පුත්‍රයන් දෙදෙනා මාගේය; එප්‍රායිම්ද මනස්සේද රූබෙන් සහ සිමියොන් මෙන් මාගේම වන්නෝය.
එස්තර් 2:7 - Sinhala Revised Old Version ඔහු තමාගේ බාප්පාගේ දුවවූ හදස්සා එනම් එස්තර් ඇතිකරගත්තේය. මක්නිසාද ඇගේ පියාවත් මවුවත් ජීවත්ව සිටියේ නැත, ඈ වනාහි ශෝභනවූ රූපසම්පන්න තැනැත්තියක් වූවාය; ඇගේ මවුපියන් නැසුණු කල මොර්දෙකයි ඈ තමාට දුවෙක් කොට පිළිගත්තේය. Sinhala New Revised Version ඔහු තමාගේ බාප්පාගේ දුව වන හදස්සා එනම්, එස්තර් දරුකමට හදාගත්තේ ය. මන්ද, ඇගේ පියා වත්, මවු වත් ජීවත් ව සිටියේ නැත. ඈ වනාහි ශෝභන, රූපසම්පන්න තැනැත්තියක් වූවා ය. ඇගේ මවුපියන් නැසුණු කල මොර්දෙකයි ඈ තමාගේ දුවක වශයෙන් හදාගත්තේ ය. |
මා නුඹ වෙතට මිසරයට එන්ට පළමුවෙන් මිසර දේශයෙහි නුඹට උපන් පුත්‍රයන් දෙදෙනා මාගේය; එප්‍රායිම්ද මනස්සේද රූබෙන් සහ සිමියොන් මෙන් මාගේම වන්නෝය.
ඈට ඔටුන්න පළඳවා රජු ඉදිරිපිටට කැඳවාගෙන එන්ට අහෂ්වේරොෂ් රජ තමා ඉදිරියෙහි සේවයකළාවූ මෙහූමාන්ද බිස්තාද හර්බෝනාද බිග්තාද අබග්තාද සේතර්ද කර්කස්ද යන නපුංසකයන් සත්දෙනාට අණකෙළේය.
මොර්දෙකයි විසින් දුවකොට හදාගත්තාවූ, තමාගේ බාප්පා වන අබිහයිල්ගේ දූවූ එස්තර්ට රජු ළඟට යාමට වාරය පැමුණුණ විට රජුගේ නපුංසකයාවූ, ස්ත්‍රීන්ගේ රැකවලාවූ හෙගයි නියමකළ දේ හැර ඈ වෙන කිසිවක් නොඉල්ලුවාය. එස්තර් දුටු සියල්ලෝ ඈට ප්‍රියවුණෝය.
එස්තර් මොර්දෙකයි ඈට අණකළ ලෙස ඇගේ සෙනඟත් ජාතියත් නොදන්වා සිටියාය. මක්නිසාද එස්තර් මොර්දෙකයි වෙත වැඩෙද්දී කළාක්මෙන් ඈ ඔහුගේ කීම ඉෂ්ටකළාය.
ඒ දවසේදී අහෂ්වේරොෂ් රජ යුදෙව්වරුන්ගේ සතුරාවූ හාමාන්ගේ ගේදොර එස්තර් බිසවට දුන්නේය. තවද මොර්දෙකයි රජු ඉදිරියට පැමුණුණේය; මක්නිසාද එස්තර් විසින් ඇයට ඔහු ඇති නෑකම රජුට දන්වා තිබුණේය.
දුප්පතුන් ආශාවූ දේ ඔවුන්ගෙන් වැලැක්වීම් නම්, නොහොත් වැන්දඹුවගේ ඇස් ක්ෂය වෙන්ට සැලැස්වීම් නම්,
නුඹලාට පියෙක් වන්නෙමි, නුඹලාද මට පුත්‍රයොත් දූවරුත් වන්නහුයයි සර්ව පරාක්‍රමවූ ස්වාමීන්වහන්සේ කියනසේක.
පියවරුනි, නුඹලාගේ දරුවන්ට කෝප නූපදවා, ස්වාමීන්වහන්සේගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද ඔවුන් ඇතිකරන්න.
අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි කියනු ලබන ලෙස පියාණන්වහන්සේ කෙබඳු ප්‍රේමයක් අපටදී වදාළසේක්දැයි බලන්න. අපි එබඳුවෝමය. මේ නිසා ලෝකයා උන්වහන්සේව නෑඳින්න බැවින්, අපද අඳුනන්නේ නැත.