Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 31:18 - Sinhala Revised Old Version

18 පියා නැත්තාට මාගේ කොටසෙන් කන්ට නොදී තනියම ඒක කෑවෙම් නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 මම මාගේ බාල වියේ පටන් පියා නැත්තා හට පියෙක් වූයෙමි; උපන් දා සිට මම ඔහුට මඟ පෙන්වූයෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 මම මාගේ බාල වියේ පටන් පියා නැත්තා හට පියෙක් වූයෙමි; උපන් දා සිට මම ඔහුට මඟ පෙන්වූයෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 31:18
8 හුවමාරු යොමු  

නුඹ වැන්දඹුවන් හිස් අතින් ඇරියෙහිය, පියා නැත්තන්ගේ අත්ද කඩනලද්දේය.


දුප්පතුන් ආශාවූ දේ ඔවුන්ගෙන් වැලැක්වීම් නම්, නොහොත් වැන්දඹුවගේ ඇස් ක්ෂය වෙන්ට සැලැස්වීම් නම්,


යමෙක් වස්ත්‍ර නැතිකමින් නසින බවත් දිළින්දාට වැස්මක් නැති බවත් මා දුටු විට,


ඉශ්‍රායෙල් රජවූ යෙහෝවාෂ් උත්තරදෙමින්: නුඹේ දුව මාගේ පුතාට භාර්යාකොට දෙන්නැයි ලෙබනොන්හිවූ ගොකටුගස ලෙබනොන්හිවූ කිහිරි ගසට කියා ඇරියේය. නුමුත් ලෙබනොන්හි වන මෘගයෙක් ඒ ළඟින් යන විට කටු ගස පාගාදැමුවේය.


ඔහු තමාගේ බාප්පාගේ දුවවූ හදස්සා එනම් එස්තර් ඇතිකරගත්තේය. මක්නිසාද ඇගේ පියාවත් මවුවත් ජීවත්ව සිටියේ නැත, ඈ වනාහි ශෝභනවූ රූපසම්පන්න තැනැත්තියක් වූවාය; ඇගේ මවුපියන් නැසුණු කල මොර්දෙකයි ඈ තමාට දුවෙක් කොට පිළිගත්තේය.


මක්නිසාද හඬා සිටි අසරණයාද පියා නැත්තා සහ උපකාරකාරයෙක් නැත්තාද ගැළෙවුවෙමි.


මම දිළිඳාට පියෙක් වීමි; මා නොදැන සිටි අයගේ කාරණය සොයා බැලීමි.


බඩගිනි ඇත්තන්ට නුඹේ කෑම බෙදාදීමත්, ගෙයක් දොරක් නැති අසරණයන් නුඹ විසින් නුඹේ ගෙදරට පැමිණවීමත්, නිර්වස්ත්‍ර කෙනෙක් දුටුවිට ඔහුට ඇඳුම් දීමත්, නුඹේම නෑසියන්ගෙන් නොසැඟවී සිටීමත් නොවේද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්