ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් 2:2 - Sinhala Revised Old Version

එවිට රජුට සේවයකළ ඔහුගේ මෙහෙකරුවෝ කථාකොට: රූපසම්පන්න කන්‍යා තරුණියන් රජු උදෙසා සොයත්වා.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට රජුට සේවය කළ ඔහුගේ මෙහෙකරුවෝ කතා කොට, “රූපසම්පන්න කන්‍යාවන් රජුට සොයනු මැනව.

පරිච්ඡේදය බලන්න



එස්තර් 2:2
6 හුවමාරු යොමු  

තවද ආබ්‍රම් මිසරයට පැමිණි කල ඒ ස්ත්‍රිය ඉතා ශෝභන බව මිසරවරු දුටුවෝය.


එබැවින් ඔහුගේ සේවකයෝ ඔහුට කථාකොට: රජ්ජුරුවන් ඉදිරියෙහි සිටීමටත් ඔබට සාත්තුකාරියක් වී අපේ ස්වාමිවූ රජ්ජුරුවන්ට උණුහුම ලැබෙන පිණිස ඔබගේ ළයෙහි සැතපීමටත් සුදුසුවූ තරුණ කන්‍යාවක් අපේ ස්වාමිවූ රජ්ජුරුවන්ට සොයාදෙන්ට අපට අවසර ලැබේවයි කීවෝය.


සත්වෙනිදා රජුගේ සිත මුද්‍රිකපානයෙන් පිනාගිය විට, වස්තී බිසව පෙනීමට ඉතා ලක්ෂණ නිසා ඇගේ අලංකාරකම ජනයන්ටත් අධිපතීන්ටත් පෙන්වන පිණිස,


මක්නිසාද රජුගේ කාරණා නීතියත් විනිශ්චයත් දන්න සියල්ලන් ඉදිරියට පමුණුවන සිරිතක් තිබුණේය.


එබඳු රූපසම්පන්න සියලු කන්‍යා තරුණියන් ෂූෂන් බලකොටුවේ තිබෙන ස්ත්‍රීන්ගේ ගෙයි රජ්ජුරුවන්ගේ නපුංසකයාවූ, ස්ත්‍රීන්ගේ රැකවලාවූ හෙගයිගේ රැකවරණයට රැස්කරගන එන පිණිස රජ්ජුරුවන් තමාගේ රාජ්‍යයේ සියලු රටවල මුලාදෑනීන් නියමකරන්ටත්, ඒ තැනැත්තියන්ගේ පවිත්‍රවීම පිණිස නිසි දේ ඔවුන්ට දෙන්ටත් යෙදේවා.


ඔවුන් ඔහු සමඟ කථාකරද්දීම රජුගේ නපුංසකයෝ ඇවිත් එස්තර් පිළියෙළකළ මංගල්‍යයට හාමාන් කැඳවාගනයන්ට ඉක්මන්කළෝය.