එසකියෙල් 7:25 - Sinhala Revised Old Version විනාශය පැමිණෙන්නේය; ඔව්හු සමාදානය සොයන්නෝය, නුමුත් ලැබෙන්නේ නැත. Sinhala New Revised Version විනාශය පැමිණෙන්නේ ය. ඔව්හු සාමදානය සොයන්නෝ ය. එහෙත්, එය ලැබෙන්නේ නැත. Sinhala New Revised Version 2018 විනාශය පැමිණෙන්නේ ය. ඔව්හු සාමදානය සොයන්නෝ ය. එහෙත්, එය ලැබෙන්නේ නැත. |
මක්නිසාද සමාදානය නැති කල්හි සමාදානයයයි කියා ඔව්හු මාගේ සෙනඟ මුළාකෙරෙවුවෝය; සෙනඟ තාප්පයක් ගොඩනගන විට ඔව්හු එහි පදම් නොකළ බදාම ගාති.
ඔව්හු නම් යෙරුසලම ගැන අනාගතවාක්‍ය කියමින්, සමාදානය නැති කල්හි ඈ උදෙසා සමාදාන දර්ශන දකින ඉශ්‍රායෙල් අනාගතවක්තෘවරුයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
මාරෝත්හි වාසයකරන්නී යහපත ගැන ආශාවෙන් බලාසිටියි. මක්නිසාද විපත්තිය ස්වාමීන්වහන්සේ වෙතින් යෙරුසලමේ දොරටුව ළඟට බැස තිබේ.