රජතෙමේ තමා සමඟ සිටි සේනාපතියාවූ යෝවාබ්ට කථාකොට: මා විසින් සෙනඟගේ ගණන දැනගන්නා පිණිස නුඹලා දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වා සියලු ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරේ ඇවිද සෙනඟ ගණන්කරන්නැයි කීවේය.
එසකියෙල් 48:1 - Sinhala Revised Old Version ගෝත්‍රවල නාමවල් මේවාය: හමාත්ට පැමිණෙන හෙත්ලොන්හි මාර්ගයද හශර්-ඒනාන්ද උතුරෙහි හමාත්ට ළංවූ දමස්කයේ සීමාවද ළඟ තිබෙන උතුරු කෙළවරේ සිට නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර දක්වා දාන්ට එකක්ය. Sinhala New Revised Version “ගෝත්‍රවල නාම මේවා ය: උතුරෙන් පටන්ගෙන හමාත්ට පැමිණෙන හෙත්ලොන්හි මාර්ගය ද උතුරෙහි හමාත් ඉදිරිපිට දමස්කයේ සීමාවේ පිහිටි හශර්-ඒනාන් දක්වා නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර දක්වා ද දාන්ට එක කොටසක් ය. Sinhala New Revised Version 2018 “ගෝත්‍රවල නාම මේවා ය: උතුරෙන් පටන්ගෙන හමාත්ට පැමිණෙන හෙත්ලොන්හි මාර්ගය ද උතුරෙහි හමාත් ඉදිරිපිට දමස්කයේ සීමාවේ පිහිටි හශර්-ඒනාන් දක්වා නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර දක්වා ද දාන්ට එක කොටසක් ය. |
රජතෙමේ තමා සමඟ සිටි සේනාපතියාවූ යෝවාබ්ට කථාකොට: මා විසින් සෙනඟගේ ගණන දැනගන්නා පිණිස නුඹලා දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වා සියලු ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරේ ඇවිද සෙනඟ ගණන්කරන්නැයි කීවේය.
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල් ගෝත්‍ර දොළසට නුඹලා දේශය බෙදා දිය යුතු මේ සීමාවේ හැටියටය–යෝසෙප්ට කොටස් දෙකක් ලැබෙන්නේය.
බස්නාහිර පැත්ත නම් සීමාවේ පටන් හමාත් ඉදිරිපිටට පැමිණෙන තුරු මහ මුහුදය. බස්නාහිර පැත්ත ඒකය.
විදේශියා වාසයකරන ගෝත්‍රය අතරේම ඔහුගේ උරුමය ඔහුට දෙන්නැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.