Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 48:1 - Sinhala New Revised Version

1 “ගෝත්‍රවල නාම මේවා ය: උතුරෙන් පටන්ගෙන හමාත්ට පැමිණෙන හෙත්ලොන්හි මාර්ගය ද උතුරෙහි හමාත් ඉදිරිපිට දමස්කයේ සීමාවේ පිහිටි හශර්-ඒනාන් දක්වා නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර දක්වා ද දාන්ට එක කොටසක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 “ගෝත්‍රවල නාම මේවා ය: උතුරෙන් පටන්ගෙන හමාත්ට පැමිණෙන හෙත්ලොන්හි මාර්ගය ද උතුරෙහි හමාත් ඉදිරිපිට දමස්කයේ සීමාවේ පිහිටි හශර්-ඒනාන් දක්වා නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර දක්වා ද දාන්ට එක කොටසක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 ගෝත්‍රවල නාමවල් මේවාය: හමාත්ට පැමිණෙන හෙත්ලොන්හි මාර්ගයද හශර්-ඒනාන්ද උතුරෙහි හමාත්ට ළංවූ දමස්කයේ සීමාවද ළඟ තිබෙන උතුරු කෙළවරේ සිට නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර දක්වා දාන්ට එකක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 48:1
16 හුවමාරු යොමු  

“බස්නාහිර දේශ සීමාව නම්, මධ්‍යධරණි මුහුද පටන් හමාත් ඉදිරිපිටට පැමිණෙන තුරු මධ්‍යධරණි මුහුද වේ. බස්නාහිර සීමාව එය වේ.


රජ තෙමේ ජෝවාබ්ට ද තමා සමඟ සිටි සේනාපතීන්ට ද කතා කොට, “සෙනඟගේ ගණන මා දැනගන්න පිණිස, ඔබ දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා සියලු ඉශ්රායෙල් ගෝත්‍ර අතරේ ඇවිද සෙනඟ ගණන් කරන්නැ”යි කී ය.


වි දේශිකයා වාසය කරන ගෝත්‍රය අතරේ ම ඔහුගේ උරුමය ඔහුට දෙන්න. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”


දාන් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නගර සහ ඒවායේ ගම් ය.


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල් ගෝත්‍ර දොළොසට නුඹලා දේශය බෙදා දිය යුතු මේ සීමා අනුව ය. ජෝසෙප්ට කොටස් දෙකක් ලැබෙන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්