මංගල්‍යවලදීද නියම කාලවලදීද ඔප්පුකරන ආහාර පූජාව ගොනෙකුට ඒඵාවකුත් බැටළුවෙකුට ඒඵාවකුත් බැටළුපැටවුන්ට ඔහු දෙන පමණකුත් ඒඵාවට තෙල් හිනකුත් වන්නේය.
මංගල්‍යවල දී ද නියම කාලවල දී ද ඔප්පු කරන ආහාර පූජාව ගොනෙකුටත් බැටළුවෙකුටත් ලීටර් දහහතහමාරකුත් බැටළු පැටවුන්ට ඔහු දෙන පමණකුත් ඒ සමඟ තෙල් ලීටර් තුනකුත් වන්නේ ය.
අධිපතියාගේ යුතුකම නම් ඉශ්‍රායෙල් වංශයේ සියලු නියම කාලවල මංගල්‍යවලදීත් අමාවක්වලදීත් සබත් දවස්වලදීත් දවන පූජාද ආහාර පූජාද පාන පූජාද සපයාදීමය. ඉශ්‍රායෙල් වංශය උදෙසා සමඟිකමක් කරන්ට පාප පූජාවද ආහාර පූජාවද දවන පූජාවද ශාන්ති පූජාද ඔහු විසින් පිළියෙළකළ යුතුය.
ඔහු ආහාර පූජාවක් කොට ගොනෙකුට පිටි ඒඵාවක්ද බැටළුවෙකුට ඒඵාවක්ද ඒඵාවකට තෙල් හිනක්ද බැගින් පිළියෙළකරන්නේය.
ආහාර පූජාව නම් බැටළුවාට පිටි ඒඵාවකුත් බැටළුපැටවුන්ට ඔහු දෙන පමණකුත් පිටි ඒඵාවට තෙල් හිනකුත්ය.
ගොනාට ඒඵාවකුත් බැටළුවාට ඒඵාවකුත් බැටළුපැටවුන්ට තමාගේ පුළුවන්කමේ හැටියටත් ඒඵාවට තෙල් හිනකුත් පිළියෙළකරන්නේය.