එසකියෙල් 45:2 - Sinhala Revised Old Version එයින් පන්සියයක් දිගද පන්සියයක් පළලද ඇති වටකරින් සතරැස්වූ පංගුවක් ශුද්ධස්ථානයට වේවා; ඊට පිට-බිමක් පිණිස රියන් පනසකුත් වටේට තිබේවා. Sinhala New Revised Version එක පැත්තක් මීටර් දෙසියපණහක් වන චතුරශ්‍රයක් ශුද්ධස්ථානයට වේ වා. ඊට තණ බිමක් පිණිස මීටර් විසිපහකුත් වටේට තිබේ වා. Sinhala New Revised Version 2018 එක පැත්තක් මීටර් දෙසියපණහක් වන චතුරශ්‍රයක් ශුද්ධස්ථානයට වේ වා. ඊට තණ බිමක් පිණිස මීටර් විසිපහකුත් වටේට තිබේ වා. |
ඔහු ඇතුල් ගෘහය මැන තීන්දුකළ විට නැගෙනහිර දෙසට තිබෙන දොරටුවේ මාර්ගයෙන් මා පිටතට ගෙනගොස් වටේටම ඒක මැන්නේය.
තවද නුඹලා දේශය උරුම කරගැනීමට පසඇට දමන කල, උපහාරයක් කොට දේශයෙන් ශුද්ධ කොටසක් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න. ඒකේ දිග දඬු විසිපන් දහසක්ද පළල දඬු දසදහසක්ද වන්නේය. වටකර ඒකේ සියලු සීමා තුළ ඒක ශුද්ධය.
ඒ මිම්මෙන් විසිපන් දහසක් දිගද දසදහසක් පළලද ඇති ඉඩමක් මනින්න. ඒක තුළ ශුද්ධස්ථානය වන අති ශුද්ධස්ථානය වන්නේය.