ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 44:8 - Sinhala Revised Old Version

නුඹලා මාගේ ශුද්ධවූ සේවය නොපවත්වා, නුඹලා වෙනුවට මාගේ ශුද්ධස්ථානයෙහි මාගේ සේවය පවත්වන්නන් පත්කළහුය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

නුඹලා මාගේ ශුද්ධ සේවය නොපවත්වා, නුඹලා වෙනුවට විජාතීන් මාගේ ශුද්ධස්ථානයෙහි මාගේ සේවය පවත්වන්නන් ලෙස පත් කළහු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

නුඹලා මාගේ ශුද්ධ සේවය නොපවත්වා, නුඹලා වෙනුවට විජාතීන් මාගේ ශුද්ධස්ථානයෙහි මාගේ සේවය පවත්වන්නන් ලෙස පත් කළහු ය.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 44:8
12 හුවමාරු යොමු  

සම්මුඛවීමේ කූඩාරමේ භාරයද ශුද්ධස්ථානයේ භාරයද ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සේවය සම්බන්ධයෙන් තමුන්ගේ සහෝදරයන්වූ ආරොන්ගේ පුත්‍රයන්ගේ භාරයද බලාගැනීමත්ය.


එසේ ගෘහයේ මුළු මෙහෙයටත් එහි කෙරෙන සියල්ලටත් ඔවුන් ගෘහය බලාගන්න රැකවලුන් කරන්නෙමි.


ඔවුන්ට නම් මාගේ ශුද්ධස්ථානයට ඇතුල්වෙන්ටත් මට සේවයකිරීමට මාගේ මේසය ළඟට පැමිණෙන්ටත් මාගේ සේවය පවත්වන්ටත් පුළුවන.


නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද පූජාසනයේ සියලු දේ ගැනත් තිරයට ඇතුළත තිබෙන දේ ගැනත් නුඹලාගේ පූජකකම පවත්වමින් මෙහෙකරන්න. මම පූජකකම ත්‍යාග සේවයක් කොට නුඹලාට දෙමි. නුමුත් ළංවන අන්‍යයා මරනු ලබන්නේයයි කීසේක.


කටයුතු බලාගැනීමට සම්මුඛවීමේ කූඩාරම තුළ ඔවුන්ගේ සහෝදරයන් සමඟ මෙහෙකරනවා මිස ඔව්හු වැඩ නොකරන්නෝය. ලෙවීවරුන්ගේ භාර සම්බන්ධව ඔවුන්ට එසේ කරන්නැයි කීසේක.


නුඹලා දේවදූතයන් කරණකොටගෙන නියමකරන ලද ආකාරයෙන් ව්‍යවස්ථාව ලැබත්, එය රක්ෂා නොකළහුය යනුයි.


අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රකාශවීම දක්වා නුඹ මේ ආඥාව කැලලක්ද දෝෂයක්ද නැතුව පවත්වන ලෙස,


දෙවියන්වහන්සේ ඉදිරියෙහිද, ජීවත්ව සිටින්නන් සහ මලවුන්ද විනිශ්චයකරන්ට සිටින ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඉදිරියෙහිද, උන්වහන්සේගේ ප්‍රකාශවීම හා උන්වහන්සේගේ රාජ්‍යයේ නාමයෙන් මා විසින් නුඹට අණකරන්නේ නම්: