ඔවුන්ගේ මාංසයෙන් ගල් සිත පහකොට මාංසමයවූ සිතක් ඔවුන්ට දෙන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝය, මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි.
එසකියෙල් 43:11 - Sinhala Revised Old Version ඔව්හු තමුන් කළ සියල්ල ගැන ලජ්ජාවී සිටිත් නම්, ගෘහයේ ආකාරයද එහි පිළිවෙළද ඇතුළට පිටතට යන එන තැන්ද එහි මුළු ආකාරයද එහි සියලුම නියෝගද එහි මුළු ආකාරයද එහි මුළු ව්‍යවස්ථාවද ඔවුන්ට දන්වා, ඔවුන් එහි මුළු ආකාරයද එහි සියලුම නියෝගද පවත්වා ඒවා කරන පිණිස ඔවුන් ඉදිරියේදී ඒවා ලියන්න. Sinhala New Revised Version ඔව්හු තමන් කළ සියල්ල ගැන ලජ්ජා වී සිටිත් නම්, දේව මාලිගාවේ සැලැස්ම ද එහි පිළිවෙළ ද ඇතුළට පිටතට යන එන තැන් ද එහි මුළු හැඩය ද එහි සියලු ම නීති රීති ද එහි මුළු සැලැස්ම ද එහි සියලු ම නීති රීති ද අනුගමනය කරමින් ඒවා ක්‍රියාත්මක කරන පිණිස ඔවුන් ඉදිරියේ දී ඒවා ලියන්න. Sinhala New Revised Version 2018 ඔව්හු තමන් කළ සියල්ල ගැන ලජ්ජා වී සිටිත් නම්, දේව මාලිගාවේ සැලැස්ම ද එහි පිළිවෙළ ද ඇතුළට පිටතට යන එන තැන් ද එහි මුළු හැඩය ද එහි සියලු ම නීති රීති ද එහි මුළු සැලැස්ම ද එහි සියලු ම නීති රීති ද අනුගමනය කරමින් ඒවා ක්‍රියාත්මක කරන පිණිස ඔවුන් ඉදිරියේ දී ඒවා ලියන්න. |
ඔවුන්ගේ මාංසයෙන් ගල් සිත පහකොට මාංසමයවූ සිතක් ඔවුන්ට දෙන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝය, මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි.
ඒ නිසා, මනුෂ්‍ය පුත්‍රය, නුඹ මාර්ගෝපකරණ සූදානම්කරගෙන, දවාලෙහි ඔවුන් බලාසිටියදී පිටත්වෙන්න; ඔවුන් බලාසිටියදී නුඹේ ඉඩමේ සිට වෙන ඉඩමකට පිටත්ව යන්න. ඔවුන් කැරළිකාර වංශයක් නුමුත් සමහරවිට ඔවුන් ඒක සිතට ගන්නවා ඇත.
මාගේ ආත්මය නුඹලා තුළ තබා, නුඹලා මාගේ පනත් ප්‍රකාර හැසිර මාගේ විනිශ්චයන් පවත්වමින් ඒවා කරන්ට සලස්වන්නෙමි.
මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශය තමුන්ගේ අපරාධ ගැන ලජ්ජාවෙන පිණිසත් ගෘහයේ ආදර්ශ සිතුයම මනින පිණිසත් ගෘහය ඔවුන්ට පෙන්වන්න.
මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.
ඉතින් නුඹලා සියල්ලෙහිදී මා සිහිකර, මා විසින් නුඹලාට භාරදුන් නියෝග භාරදුන් හැටියට පවත්වන නිසා නුඹලාට ප්‍රශංසාකරමි.
මෝසෙස් මණ්ඩපය සාදන්ට යන කල: කන්දේදී නුඹට පෙන්වනලද ආදෘශය ලෙස සියල්ල සාදන්ට බලාගන්නැයි දෙවියන්වහන්සේ ආඥා කළ හැටියට, ඒ පූජකයෝ ස්වර්ගයවූ දේවල සටහනක්ව ඡායාවක්ව තිබෙන දෙයට සේවයකරති.