ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 41:25 - Sinhala Revised Old Version

භිත්තිවල සාදා තිබුණාක්මෙන් මාළිගාවේ දොරවල් පිටත් කෙරුබ් සහ තල්ගස් සාදා තිබුණේය; පිටතින් ශාලාව ඉස්සරහ ඝනවූ ලී පඩි කඳන් තිබුණේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

බිත්තිවල සාදා තිබුණාක් මෙන් දේව මාලිගාවේ දොරවල් පිටත් කෙරුබ්වරුන් සහ තල් ගස් සාදා තිබිණි. ශාලාව ඉස්සරහ පිටතින් ඝන ලීවලින් තැනූ උඩු වියනක් තිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

බිත්තිවල සාදා තිබුණාක් මෙන් දේව මාලිගාවේ දොරවල් පිටත් කෙරුබ්වරුන් සහ තල් ගස් සාදා තිබිණි. ශාලාව ඉස්සරහ පිටතින් ඝන ලීවලින් තැනූ උඩු වියනක් තිබිණි.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 41:25
4 හුවමාරු යොමු  

ඔහු රියන් පනහක් දිගද රියන් තිහක් පළලද ඇති කුළුනු ශාලාවත් සෑදුවේය; ඒවා ඉදිරිපිට කුළුනුද පඩි පෙළක්ද ඇති තවත් ශාලාවකුත් ඒවා ඉදිරිපිට සෑදුවේය.


ඒ කුඩා මුර-ගෙවලටත් ඒවායේ කණුවලටත් ශාලාවලටත් දොරටුවට ඇතුළෙන් වටකරින් පටු කවුළු තිබුණේය. ඇතුළතිනුත් වටකරම කවුළු තිබුණේය. කණුවලද තල්ගස් (කැටයම්කර) තිබුණේය.


ඇතුල් මාළිගාවද මිදුලේ ශාලාද එළිපත්ද පටු කවුළුද මහල් තුනටම එළිපත්ත ඉස්සරහ වටකර තිබුණු පිට-ශාලාද තුනී ලෑලිවලින් වසා තිබුණේය, බිම සිට කවුළු දක්වාත් එසේම තිබුණේය; කවුළුත් වසා තිබුණේය;


කෙරුබ්ද තල් ගස්ද සාදා තිබුණේය; කෙරුබ් දෙකකට අතරේ තල්ගසක් බැගින් තිබුණේය, කෙරුබ් එකකට මුහුණු දෙකක් තිබුණේය.