ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 40:9 - Sinhala Revised Old Version

ඔහු දොරටුවේ ශාලාව මැන්නේය, ඒක අට රියනක්ය; ඒකේ කණු රියන් දෙකක්ය; දොරටුවේ ශාලාව ගෘහය දෙසට තිබුණේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහි උළුවහු කණුවල උස මීටර් එකකි. ප්‍රවේශ ශාලාව දේව මාලිගාව දෙසට තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහි උළුවහු කණුවල උස මීටර් එකකි. ප්‍රවේශ ශාලාව දේව මාලිගාව දෙසට තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 40:9
7 හුවමාරු යොමු  

නැගෙනහිරට තිබුණු දොරටුවේ එක පැත්තක කුඩා මුර-ගෙවල් තුනක්ද අනික් පැත්තෙහි තුනක්ද තිබුණේය; ඒ තුනටම තිබුණේ එක මිම්මය. එක එක පැත්තේ කණුවලටත් තිබුණේ එක මිම්මය.


ඔහු ගෘහය දෙස තිබුණු දොරටුවේ ශාලාව මැන්නේය, ඒක එක දණ්ඩක්ය.


එවිට ඔහු මාළිගාවට මා ගෙනවුත් එහි කණු මැන්නේය, ඒවා එක පැත්තක හරියනක් පළලටද අනික් පැත්තෙහි හරියනක් පළලටද තිබුණේය, එය කූඩාරමේ පළලය.


මාළිගාවේ උළුවහු කණු සතරැස්ව තිබුණේය; ශුද්ධස්ථානයේ ඉස්සරහ පැත්තේ පෙනීමද මාළිගාවේ පෙනීම වාගේය.


පටු කවුළු සහ තල්ගස් ශාලාවේ දෙපැත්තෙහිද කාමරවලද තිබුණේය, ඝනවූ (ලී) පඩි කඳන්ද තිබුණේය.


අධිපතියාට නම් ඔහු අධිපතියා බැවින් එහි හිඳගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කෑම කන්ට ලැබෙනවා ඇත; ඔහු දොරටුවේ ශාලාවේ මාර්ගයෙන් ඇතුල්වෙනවා ඇත, ඒකේ මාර්ගයෙන්ම පිටතට යනවා ඇතැයි කීසේක.


පූජකයාද පාප පූජාවේ ලේ වලින් ස්වල්පයක් රැගෙන ගෘහයේ උළුවස්සේ කණුවලත් පූජාසනයේ පිළේ කොන් සතරෙත් ඇතුල් මළුවේ දොරටුවේ උළුවස්සේ කණුවලත් ගාන්නේය.