ඔහු දකුණු පැත්තටත් මා ගෙනගියේය, දකුණු දෙසටත් දොරටුවක් තිබුණේය. ඔහු ඒකේ කණුද ඒකේ ශාලාද ඒ මිමිවල ප්‍රකාරයට මැන්නේය.
එසකියෙල් 40:21 - Sinhala Revised Old Version ඒකේ එක පැත්තක මුර-ගෙවල් තුනක්ද අනික් පැත්තෙහි තුනක්ද තිබුණේය; ඒකේ කණුද ඒකේ ශාලාද පළමුවෙනි දොරටුවේ මිම්මේ ප්‍රකාරයට තිබුණේය. ඒකේ දිග පනස් රියනක්ය, ඒකේ පළල විසිපස් රියනක්ය. Sinhala New Revised Version එහි එක පැත්තක මුර ගෙවල් තුනක් ද අනික් පැත්තෙහි තුනක් ද තිබුණේ ය. එහි කණු ද එහි ශාලා ද පළමු වන දොරටුවේ මිම්මේ ප්‍රකාරයට තිබුණේ ය. එහි දිග මීටර් විසිපහක් ය. එහි පළල මීටර් දොළහමාරක් ය. Sinhala New Revised Version 2018 එහි එක පැත්තක මුර ගෙවල් තුනක් ද අනික් පැත්තෙහි තුනක් ද තිබුණේ ය. එහි කණු ද එහි ශාලා ද පළමු වන දොරටුවේ මිම්මේ ප්‍රකාරයට තිබුණේ ය. එහි දිග මීටර් විසිපහක් ය. එහි පළල මීටර් දොළහමාරක් ය. |
ඔහු දකුණු පැත්තටත් මා ගෙනගියේය, දකුණු දෙසටත් දොරටුවක් තිබුණේය. ඔහු ඒකේ කණුද ඒකේ ශාලාද ඒ මිමිවල ප්‍රකාරයට මැන්නේය.
ඒකේ මුර-ගෙවල්ද ඒකේ කණුද ඒකේ ශාලාද ඒ මිමිවල ප්‍රකාරයට තිබුණේය. වටකරම ඒකටත් ඒකේ ශාලාවලටත් කවුළු තිබුණේය. දිග පනස් රියනක්ය, පළල විසිපස් රියනක්ය.
ඒකේ ශාලා පිට-මළුව දෙසට තිබුණේය; ඒකේ කණුවල දෙපැත්තෙහි තල්ගස්ද ඒකට නගින්ට පඩි අටක්ද තිබුණේය.