Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 40:20 - Sinhala Revised Old Version

20 උතුරට තිබුණු පිට-මළුවේ දොරටුවේ දිගත් පළලත් ඔහු මැන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ඔහු මා ඉදිරියෙන් උතුරට ගමන් ගත්තේ ය. එහි උතුරු දෙසට හැරුණු දොරටුවක් තිබිණි. උතුරට තිබුණු පිට මළුවේ දොරටුවේ දිගත් පළලත් ඔහු මැන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ඔහු මා ඉදිරියෙන් උතුරට ගමන් ගත්තේ ය. එහි උතුරු දෙසට හැරුණු දොරටුවක් තිබිණි. උතුරට තිබුණු පිට මළුවේ දොරටුවේ දිගත් පළලත් ඔහු මැන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 40:20
6 හුවමාරු යොමු  

එවිට ඔහු නැගෙනහිර දෙසට තිබෙන දොරටුවට ඇවිත් ඒකේ පඩිවලින් නැගී එළිපත්ත මැන්නේය, ඒකේ පළල එක දණ්ඩක්ය. එක එළිපත්තක පළල එක දණ්ඩක්ය.


සැරයටියක් වාගේ බටදණ්ඩක් මට දෙනලද්දේය. එවිට කෙනෙක් මට කථාකරමින්: නැගිට දෙවියන්වහන්සේගේ මාළිගාවද පූජාසනයද එහි නමස්කාරකරන්නන්ද මනින්න.


මාළිගාවෙන් පිටත තිබෙන මළුව අන්‍යජාතීන්ට දී තිබෙන බැවින් ඒක නොමැන අත්හරින්න. ඔව්හු ශුද්ධවූ නුවර සතළිස් දෙමාසයක් පයින් පාගාදමන්නෝය.


ඔහු දකුණු පැත්තටත් මා ගෙනගියේය, දකුණු දෙසටත් දොරටුවක් තිබුණේය. ඔහු ඒකේ කණුද ඒකේ ශාලාද ඒ මිමිවල ප්‍රකාරයට මැන්නේය.


තවද ඔහු උතුරු දෙසට පිට මළුවට මා ගෙනගොස්, වෙන්වූ මළුවටත් උතුරු දෙසට තිබුණු ගොඩනැගිල්ලටත් ඉදිරිපිට තිබුණු කාමරයට මා පැමිණෙවුවේය.


එවිට ඔහු උතුරු දොරටුවේ මාර්ගයෙන් ගෘහයේ ඉස්සරහ පැත්තට මා පැමිණෙවුවේය; මම බැලූ විට ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ස්වාමීන්වහන්සේගේ තේජසින් පිරී තිබෙන බව දැක මුහුණින් වැටුණෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්