එසකියෙල් 40:10 - Sinhala Revised Old Version නැගෙනහිරට තිබුණු දොරටුවේ එක පැත්තක කුඩා මුර-ගෙවල් තුනක්ද අනික් පැත්තෙහි තුනක්ද තිබුණේය; ඒ තුනටම තිබුණේ එක මිම්මය. එක එක පැත්තේ කණුවලටත් තිබුණේ එක මිම්මය. Sinhala New Revised Version නැගෙනහිරට තිබුණු දොරටුවේ එක පැත්තක කුඩා මුර කාමර තුනක් ද අනෙක් පැත්තේ තුනක් ද තිබුණේ ය. ඒ කාමර එක ප්‍රමාණයට සාදා තිබිණි. Sinhala New Revised Version 2018 නැගෙනහිරට තිබුණු දොරටුවේ එක පැත්තක කුඩා මුර කාමර තුනක් ද අනෙක් පැත්තේ තුනක් ද තිබුණේ ය. ඒ කාමර එක ප්‍රමාණයට සාදා තිබිණි. |
ඒකේ එක පැත්තක මුර-ගෙවල් තුනක්ද අනික් පැත්තෙහි තුනක්ද තිබුණේය; ඒකේ කණුද ඒකේ ශාලාද පළමුවෙනි දොරටුවේ මිම්මේ ප්‍රකාරයට තිබුණේය. ඒකේ දිග පනස් රියනක්ය, ඒකේ පළල විසිපස් රියනක්ය.
ඒකේ මුර-ගෙවල්ද ඒකේ කණුද ඒකේ ශාලාද ඒ මිමිවල ප්‍රකාරයට තිබුණේය. වටකරම ඒකටත් ඒකේ ශාලාවලටත් කවුළු තිබුණේය. දිග පනස් රියනක්ය, පළල විසිපස් රියනක්ය.
ඇතුල් දොරටුවට පිටතින් උතුරු දිග දොර ළඟ ඇතුල් මළුවේ ගී කියන්නන්ගේ කාමර තිබුණේය; ඒවා දකුණු දෙසට තිබුණේය. පෙරදිග දොර ළඟ එකක් උතුරු දිගට තිබුණේය.
එක එක කාමරයේ දිග එක දණ්ඩක්ය, පළලත් දණ්ඩක්ය; කාමර අතරේ පස්රියනක් තිබුණේය; ගෘහය දෙස දොරටුවේ ශාලාව ළඟ තිබුණු දොරටුවේ එළිපත්ත එක දණ්ඩක්ය.
ඔහු දොරටුවේ ශාලාව මැන්නේය, ඒක අට රියනක්ය; ඒකේ කණු රියන් දෙකක්ය; දොරටුවේ ශාලාව ගෘහය දෙසට තිබුණේය.