Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 40:10 - Sinhala New Revised Version

10 නැගෙනහිරට තිබුණු දොරටුවේ එක පැත්තක කුඩා මුර කාමර තුනක් ද අනෙක් පැත්තේ තුනක් ද තිබුණේ ය. ඒ කාමර එක ප්‍රමාණයට සාදා තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 නැගෙනහිරට තිබුණු දොරටුවේ එක පැත්තක කුඩා මුර කාමර තුනක් ද අනෙක් පැත්තේ තුනක් ද තිබුණේ ය. ඒ කාමර එක ප්‍රමාණයට සාදා තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 නැගෙනහිරට තිබුණු දොරටුවේ එක පැත්තක කුඩා මුර-ගෙවල් තුනක්ද අනික් පැත්තෙහි තුනක්ද තිබුණේය; ඒ තුනටම තිබුණේ එක මිම්මය. එක එක පැත්තේ කණුවලටත් තිබුණේ එක මිම්මය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 40:10
6 හුවමාරු යොමු  

ඔහු දොරකඩ පළලත් මැන්නේ ය. එය මීටර් පහකි. දොරටුවේ දිග මීටර් හයහමාරකි.


එහි එක පැත්තක මුර ගෙවල් තුනක් ද අනික් පැත්තෙහි තුනක් ද තිබුණේ ය. එහි කණු ද එහි ශාලා ද පළමු වන දොරටුවේ මිම්මේ ප්‍රකාරයට තිබුණේ ය. එහි දිග මීටර් විසිපහක් ය. එහි පළල මීටර් දොළහමාරක් ය.


එහි මුරගෙවල් ද එහි කණු ද එහි ශාලා ද ඒ මිමිවල ප්‍රකාරයට තිබුණේ ය. වටකර ම එයටත් එහි ශාලාවලටත් කවුළු තිබුණේ ය. එහි දිග මීටර් විසිපහක් ය, පළල මීටර් දොළහමාරකි;


ඉක්බිති ඔහු මා පිටතින් ඇතුළු මළුවට කැඳෙව්වේ ය; ඇතුළු දොරටුවට පිටතින් උතුරු දිග දොර ළඟ ඇතුළු මළුවේ ගී ගයන්නන්ගේ කාමර දෙකක් තිබුණේ ය. ඒවා එකක් දකුණු දෙසට විය. අනික පෙරදිග දොර ළඟ උතුරු දිගට විය.


එහි එක එක මුර කාමරයේ දිග මීටර් තුනකි. පළලත් මීටර් තුනකි. මුර කාමර අතර පරතරය මීටර් දෙකහමාරකි. දොරටුවේ ඇතුළු පැත්තේ එළිපත්තේ සිට ප්‍රවේශ ශාලාවේ දිග මීටර් තුනකි.


එහි උළුවහු කණුවල උස මීටර් එකකි. ප්‍රවේශ ශාලාව දේව මාලිගාව දෙසට තිබුණේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්