ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 39:15 - Sinhala Revised Old Version

දේශයෙහි ඇවිදින්නන්ගෙන් යමෙක් මිනී ඇටයක් දුටුවාම වළලන්නෝ ඒක හාමොන්-ගොග්හි වළලන තෙක් ඒ ළඟ කණුවක් ගොඩනගන්නෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දේශයෙහි එසේ ඇවිදින්නන්ගෙන් යමෙක් මිනී ඇට දුටු විට, වළලන්නන් ඒක හාමොන්ගොග්හි වළලන තෙක් ඒ ළඟ ලකුණක් තබන්නෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දේශයෙහි එසේ ඇවිදින්නන්ගෙන් යමෙක් මිනී ඇට දුටු විට, වළලන්නන් ඒක හාමොන්ගොග්හි වළලන තෙක් ඒ ළඟ ලකුණක් තබන්නෝ ය.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 39:15
4 හුවමාරු යොමු  

තවද ඒ කාලයේදී මම එහි ඉඩමක්වන මිනීවළක් ඉශ්‍රායෙල් දේශයෙහි ගොග්ට දෙන්නෙමි; එය මුහුදට නැගෙනහිරෙන් තිබෙන ගමන්යන්නන්ගේ මිටියාවතය. එය ඒ ගමන්යන්නන් නවත්වනවා ඇත. එහි ගොග් සහ ඔහුගේ මුළු සමූහයාද වළලා, ඊට හාමොන්-ගොග්යයි නම් තබන්නෝය.


තවද ඔව්හු දේශය පිරිසිදුකිරීමට එය මුළුල්ලෙහි ඇවිදිමින්, දේශය මතුපිට ඉතුරුවෙන ඒ ගමන් යන්නන් වැළලීමෙහි නිතරම යෙදී සිටීමට මනුෂ්‍යයන් තෝරාගන්නෝය. ඔව්හු සත් මසකට පසු එසේ සොයා ඇවිදින්නෝය.


තවද නුවරක නමත් හාමොනා වන්නේය. මෙසේ ඔවුන් දේශය පිරිසිදු කරනවා ඇත.


නුඹලාට දුක්වේ! මක්නිසාද–නුඹලා නොපෙනෙන සොහොන් ගෙවලට සමානය, ඒවා උඩ ඇවිදින මිනිස්සු ඒවා නොදනිතියි කීසේක.