Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 39:11 - Sinhala Revised Old Version

11 තවද ඒ කාලයේදී මම එහි ඉඩමක්වන මිනීවළක් ඉශ්‍රායෙල් දේශයෙහි ගොග්ට දෙන්නෙමි; එය මුහුදට නැගෙනහිරෙන් තිබෙන ගමන්යන්නන්ගේ මිටියාවතය. එය ඒ ගමන්යන්නන් නවත්වනවා ඇත. එහි ගොග් සහ ඔහුගේ මුළු සමූහයාද වළලා, ඊට හාමොන්-ගොග්යයි නම් තබන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 “තවද, ඒ කාලයේ දී මම මිනී වැළලීමට ඉශ්රායෙල් දේශයෙන් ඉඩමක් ගොග්ට දෙන්නෙමි. එය මුහුදට නැගෙනහිරෙන් තිබෙන සංචාරකයන්ගේ මිටියාවත ය. එය එහි ගමන් කරන්නන් වළක්වනු ඇත. එහි ගොග් සහ ඔහුගේ මුළු සමූහය වළලනු ලැබ, ඊට ගොග්සමූහ-මිටියාවත යන අරුත ඇති හාමොන්ගොග් යයි නම් තබනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 “තවද, ඒ කාලයේ දී මම මිනී වැළලීමට ඉශ්රායෙල් දේශයෙන් ඉඩමක් ගොග්ට දෙන්නෙමි. එය මුහුදට නැගෙනහිරෙන් තිබෙන සංචාරකයන්ගේ මිටියාවත ය. එය එහි ගමන් කරන්නන් වළක්වනු ඇත. එහි ගොග් සහ ඔහුගේ මුළු සමූහය වළලනු ලැබ, ඊට ගොග්සමූහ-මිටියාවත යන අරුත ඇති හාමොන්ගොග් යයි නම් තබනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 39:11
10 හුවමාරු යොමු  

ඉන්පසු යේසුස්වහන්සේ ගලීලයේ මුහුද වන තිබේරියස් මුහුදෙන් එගොඩට ගියසේක.


තවද උන්වහන්සේ ගෙන්නෙසරෙත්නම් විල ළඟ සිටියදී සමූහයෝ දෙවියන්වහන්සේගේ වචනය අසමින් උන්වහන්සේට තෙරපීගන සිටියෝය.


නැගෙනහිර පැත්ත වනාහි හවුරාන්ටත් දමස්කයටත් ගිලියද්ටත් ඉශ්‍රායෙල් දේශයටත් අතරේ යොර්දාන වන්නේය; උතුරු සීමාවේ පටන් නැගෙනහිර මුහුද දක්වා මනින්න. ඒක නැගෙනහිර පැත්තය.


මනුෂ්‍ය පුත්‍රය, රොෂ්හිද මෙෂෙක්හිද තූබල්හිද අධිපතියා වන මාගොග් දේශයේ ගොග්ට විරුද්ධව නුඹේ මුහුණ හරවාගන, ඔහුට විරුද්ධව අනාගතවාක්‍ය කියමින්:


සීමාවද ෂෙඵාම් පටන් අයින්ට නැගෙනහිරෙන් රිබ්ලාට බැස, කින්නෙරෙත් මුහුදේ නැගෙනහිර අද්දරින්ම බැස ඇවිත්,


තෘෂ්ණාධික සෙනඟ එහි තැන්පත් කරනු ලැබූ බැවින් ඒ ස්ථානයට කිබ්‍රොත්-හත්තාවා යන නම තබන ලද්දේය.


ඔවුන් වනයෙන් දර ගෙනෙන්නේවත් මූකළාන්වලින් ඒවා කපාගන්නේවත් නැත; මක්නිසාද ඔව්හු ආයුධවලින් ගිනි පත්තුකරන්නෝය. තමුන්ගෙන් කොල්ලකෑ අයින්ගෙන් කොල්ලකන්නෝය, තමුන්ගෙන් සම්පත් උදුරාගත් අයින්ගෙන් සම්පත් උදුරාගන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


ඉශ්‍රායෙල් වංශයද දේශය පිරිසිදුකරන පිණිස සත් මසක් ඔවුන් වළලමින් සිටින්නෝය.


දේශයෙහි ඇවිදින්නන්ගෙන් යමෙක් මිනී ඇටයක් දුටුවාම වළලන්නෝ ඒක හාමොන්-ගොග්හි වළලන තෙක් ඒ ළඟ කණුවක් ගොඩනගන්නෝය.


ඔව්හු උන් එකතුකොට ගොඩවල් ගැසුවෝය. දේශයද දුර්ගන්ධවිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්