ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 38:7 - Sinhala Revised Old Version

නුඹ සූදානම්වී, එසේය, නුඹ වෙතට රැස්ව සිටින නුඹේ සියලු සමූහයන් සමඟ (සියල්ල) සූදානම්කරගෙන, ඔවුන්ගේ ප්‍රධානියා වෙන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

නුඹ සූදානම් වී, එසේ ය, නුඹ වෙත රැස් ව සිටින නුඹේ සියලු සමූහයන් සමඟ සියල්ල සූදානම් කරගෙන, ඔවුන්ගේ ආරක්ෂකයා වන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

නුඹ සූදානම් වී, එසේ ය, නුඹ වෙත රැස් ව සිටින නුඹේ සියලු සමූහයන් සමඟ සියල්ල සූදානම් කරගෙන, ඔවුන්ගේ ආරක්ෂකයා වන්න.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 38:7
10 හුවමාරු යොමු  

නුමුත් ඔබ යන්නෙහි නම්, ශක්තිමත්වී සටනට බලවත් වෙන්න; දෙවියන්වහන්සේ සතුරා ඉදිරියෙහි ඔබ හෙළාදමනසේක; මක්නිසාද උපකාරකරන්ටත් හෙළාදමන්ටත් දෙවියන්වහන්සේට බලය ඇත්තේයයි කීවේය.


ඉශ්‍රායෙල් දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–සියොන් කන්‍යා දුව නුඹ සුළු කරනවාය, නුඹට සරදම්කරනවාය; යෙරුසලම් දුව නුඹට පස්සෙන් ඉස වනනවාය.


බබිලෝනියේ පවුරුවලට විරුද්ධව කොඩියක් ඔසවා, මුරපළ සවිකර, මුරකාරයන් සිටවා, රහස් සේනාව සූදානම්කරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ බබිලෝනියේ වැසියන්ට විරුද්ධව කී දේ උන්වහන්සේ යෝජනාකළාක්මෙන්ම ඉෂ්ටකළසේක.


එබැවින්, ඉශ්‍රායෙල් මෙසේ නුඹට කරන්නෙමි. මා නුඹට මෙසේ කරන්ට යන බැවින්, එම්බා ඉශ්‍රායෙල්, නුඹේ දෙවියන්වහන්සේ සම්මුඛවෙන්ට සූදානම්වෙන්න.