ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 38:14 - Sinhala Revised Old Version

එබැවින්, මනුෂ්‍ය පුත්‍රය, නුඹ අනාගතවාක්‍ය කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ගොග්ට කියන්න: මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් නිසැකව වාසයකරන කාලයේදී නුඹ ඒක දැනගන්නේ නැද්ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“එබැවින් මනුෂ්‍ය පුත්‍රය, නුඹ දිවැස් වැකි පවසමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ගොග් රජුට කියන්න. ‘මාගේ සෙනඟ වන ඉශ්රායෙල් සෙනඟ සුරැකි ව වාසය කරන කාලයේ දී නුඹ ඉදිරියට යන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“එබැවින් මනුෂ්‍ය පුත්‍රය, නුඹ දිවැස් වැකි පවසමින්, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ගොග් රජුට කියන්න. ‘මාගේ සෙනඟ වන ඉශ්රායෙල් සෙනඟ සුරැකි ව වාසය කරන කාලයේ දී නුඹ ඉදිරියට යන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 38:14
10 හුවමාරු යොමු  

උන්වහන්සේගේ දවස්වලදී යූදා ගළවනු ලබන්නේය, ඉශ්‍රායෙල්ද සුවසේ වසන්නේය. අපේ ධර්මිෂ්ඨකමවූ ස්වාමීන්වහන්සේය යන නාමය උන්වහන්සේට කියනු ලබන්නේය.


මාගේ ශුද්ධස්ථානය හැම කල්හිම ඔවුන් අතරෙහි තිබීමෙන් මා ඉශ්‍රායෙල් විශුද්ධ කරන ස්වාමීන්වහන්සේ බව ජාතීන් දැනගන්නවා ඇත කියා කියන්නැයි කීය.


මම පවුරු රහිත ගම් ඇති දේශයට විරුද්ධව නැගී ගොස්, නිශ්චලකමින් සිට නිසැකව වාසයකරන අය ළඟට පැමිණෙන්නෙමි; ඔවුන් සියල්ලෝම පවුරු නැතුව වාසයකරති, ඔවුන්ට අගුල්ද දොරවල්ද නැතැයි කියනවා ඇත.


මනුෂ්‍ය පුත්‍රය, රොෂ්හිද මෙෂෙක්හිද තූබල්හිද අධිපතියා වන මාගොග් දේශයේ ගොග්ට විරුද්ධව නුඹේ මුහුණ හරවාගන, ඔහුට විරුද්ධව අනාගතවාක්‍ය කියමින්:


බොහෝ දවස් ගිය පසු නුඹ ප්‍රධානකමට පත්වී, කඩුවෙන් මිදී තිබෙන දේශයකට මතු අවුරුදුවලදී එනවා ඇත. එහි වැසියෝ බොහෝ ජනයන් අතරෙන් ඉශ්‍රායෙල් කඳුවලට රැස්කරනු ලැබුවෝය. ඒවා නිතරම පාළුවක්ව තිබෙන නුමුත්, ඔවුන් ජනයන් අතරෙන් ගෙන්වනු ලැබ, සියල්ලෝම නිසැකව (එහි) වාසය කරති.


එසේය, මා විසින් යූදාගේද යෙරුසලමේද වහල්කම පහකරන ඒ දවස්වලදීත් ඒ කාලයෙහිදීත්,


එබැවින් කොල්ල ගැනීමට මා නැගිටින දවස දක්වා මා ගැන බලාසිටින්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද මාගේ නියමය නම් ජාතීන් රැස්කොට, රාජ්‍යවල් එකතු කොට, මාගේ කෝපය වන මාගේ මුළු බලවත් උදහස ඔවුන් කෙරෙහි වැගිරවීමය; එසේය, මාගේ ජ්වලිත ගින්නෙන් මුළු පොළොව විනාශවන්නේය.


මක්නිසාද මම්ම ඒක අවට ගිනි පවුරක්ව ඒක තුළ තේජසව සිටින්නෙමියි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්නැයි කීය.


මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ගෞරවය පැමුණුනායින් පසු උන්වහන්සේ නුඹලාගෙන් කොල්ලකෑ ජාතීන් ළඟට මා ඇරියසේක. මක්නිසාද නුඹලාට අත ගසන්නා උන්වහන්සේගේ ඇසේ කළු ඉංගිරියාවට අතගසන්නේය.