එසකියෙල් 36:28 - Sinhala Revised Old Version මා විසින් නුඹලාගේ පියවරුන්ට දුන් දේශයෙහි නුඹලා වාසයකොට මාගේ සෙනඟව සිටිනවා ඇත, මමද නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි. Sinhala New Revised Version මා විසින් නුඹලාගේ පියවරුන්ට දෙන ලද දේශයෙහි නුඹලා වාසය කොට මාගේ ම සෙනඟ ව සිටිනු ඇත. මම ද නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. Sinhala New Revised Version 2018 මා විසින් නුඹලාගේ පියවරුන්ට දෙන ලද දේශයෙහි නුඹලා වාසය කොට මාගේ ම සෙනඟ ව සිටිනු ඇත. මම ද නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. |
මා ස්වාමීන්වහන්සේ බව දැනගැනීම පිණිස ඔවුන්ට සිතක් දෙන්නෙමි. ඔවුන්ද මාගේ සෙනඟ වෙනවා ඇත, මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. මක්නිසාද ඔවුන් තමුන්ගේ මුළු සිතින් මා වෙතට හැරෙනවා ඇත
ඒ කාලයෙහි මම සියලුම ඉශ්රායෙල් පවුල්වල දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟ වන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
නුමුත් ඒ දවස්වලට පසු මා ඉශ්රායෙල් වංශය සමඟ කරන ගිවිසුම මේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුළම තබා, ඒක ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟ වන්නෝය.
ඔවුන්ගේ මාංසයෙන් ගල් සිත පහකොට මාංසමයවූ සිතක් ඔවුන්ට දෙන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝය, මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි.
මෙසේ වන්නේ ඉශ්රායෙල් වංශය මා වෙතින් තවත් මුළාව නොගොස්, තමුන්ගේ සියලු අපරාධවලින් තවත් කිලුටු නොවී, මාගේ සෙනඟ වන පිණිසත් මා ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන පිණිසත්යයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීවේය.
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්රායෙල් වංශය විසිරී සිටින ජනයන් අතරෙන් ඔවුන් මා විසින් රැස්කර, මා පිරිසිදු බව ඔවුන් කරණකොටගෙන ජාතීන්ගේ ඇස් හමුවෙහි පෙන්නූ කල්හි, මාගේ මෙහෙකරුවාවූ යාකොබ්ට මා විසින් දුන් රටෙහි ඔවුන් වාසයකරනවා ඇත.
මෙසේ ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මා ඔවුන් සමඟ සිටින බවද ඉශ්රායෙල් වංශයවූ ඔවුන් මාගේ සෙනඟ බවද ඔව්හු දැනගන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
මම නුඹලා පිට මනුෂ්‍යයන්, එනම් මුළු ඉශ්රායෙල් වංශයම, වැඩිකරන්නෙමි. නුවරවල් ජනගහනය වෙනවා ඇත, පාළු තැන්ද ගොඩනගනු ලබනවා ඇත.
ඔව්හු තමුන්ගේ දේවරූපවලින්වත් තමුන්ගේ අශික්ෂිතකම්වලින්වත් තමුන්ගේ සියලුම වරදවලින්වත් තමුන් කිලුටුකර නොගන්නෝය. ඔවුන් පව්කළාවූ තමුන්ගේ සියලුම වාසස්ථානවලින් මම ඔවුන් ගළවා ඔවුන් පිරිසිදුකරන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝය, මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි.
මාගේ සේවකයාවූ යාකොබ්ට මා දුන්නාවූ, නුඹලාගේ පියවරුන් වාසයකළාවූ දේශයෙහි ඔවුන් වාසයකරනවා ඇත; එසේ ඔවුන් සහ ඔවුන්ගේ දරුවෝද ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝද සදාකාලේටම එහි වාසයකරන්නෝය. මාගේ සේවකයාවූ දාවිත්ද සදාකාලේටම ඔවුන්ට අධිපතියා වන්නේය.
මාගේ මණ්ඩපයද ඔවුන් වෙත වන්නේය; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නෝය.
ඔවුන් ජාතීන් අතරට ගෙනගියාවූ මා විසින් ඔවුන්ගෙන් කිසිවෙකු තවත් එහි අත් නෑර ඔවුන්ගේ රටට ඔවුන් රැස්කරන විට, මා ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.
එහෙත් ඉශ්රායෙල් පුත්‍රයන්ගේ ගණන මනින්ටවත් ගණින්ටවත් බැරිවූ මුහුදේ වැලි මෙන් වන්නේය. තවද: නුඹලා මාගේ සෙනඟ නොවේයයි ඔවුන්ට කියන ස්ථානයේ දීම-ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝයයි ඔවුන්ට කියනු ලැබේ.
තුන්වෙනි කොටස මම ගින්නට පමුණුවා, රිදී පවිත්‍රකරන්නාක්මෙන් ඔවුන් පවිත්‍රකරන්නෙමි, රන් පරීක්ෂාකරන්නාක්මෙන් ඔවුන් පරීක්ෂාකරන්නෙමි. ඔව්හු මාගේ නාමය කියා යාච්ඤාකරන්නෝය, මම ඔවුන්ට උත්තරදෙන්නෙමි. ඔව්හු මාගේ සෙනඟයයි කියන්නෙමි; ඔවුන්ද: ස්වාමීන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේයයි කියනවා ඇත.
ඔව්හු සැබෑකමෙනුත් ධර්මිෂ්ඨකමෙනුත් මාගේ සෙනඟවන්නෝය, මමත් එසේම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
දේවතා රූප සමඟ දෙවියන්වහන්සේගේ මාළිගාවට ඇති එකඟකම මොකද? මක්නිසාද අපි ජීවමාන දෙවියන්වහන්සේගේ මාළිගාවය; එසේම දෙවියන්වහන්සේ කථාකොට: මම ඔවුන් අතරේ වාසයකරන්නෙමි, හැසිරෙන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේව සිටින්නෙමි, ඔව්හුද මාගේ සෙනඟව සිටින්නෝයයි කීසේක.
නුමුත් ඔව්හු දැන් වඩා උතුම්වූ, එනම් ස්වර්ගීයවූ රටකට ආශා ඇත්තෝය. එබැවින් දෙවියන්වහන්සේ ඔවුන්ගේ දෙවියන්වහන්සේයයි කියනු ලබන්ට ලජ්ජා නොවනසේක. මක්නිසාද උන්වහන්සේ ඔවුන්ට නුවරක් සූදානම්කළසේක.
එසේය, ඒ දවස්වලට පසු මා විසින් ඉශ්රායෙල් වංශය සමඟ කරන ගිවිසුම නම්: මාගේ ව්‍යවස්ථා ඔවුන්ගේ සිහියේ තබමින්, ඒවා ඔවුන්ගේ සිත්වලද ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟක් වන්නෝය.
තවද: මෙන්න, දෙවියන්වහන්සේගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමඟය, උන්වහන්සේ ඔවුන් සමඟ වාසයකරනසේක, ඔව්හු උන්වහන්සේගේ සෙනඟ වන්නෝය, දෙවියන්වහන්සේම ඔවුන් සමඟ සිට ඔවුන්ගේ දෙවියන්වහන්සේ වනසේක.
ජයගන්නා මේ දේවල් උරුමකරගන්නේය; මම ඔහුගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔහු මාගේ පුත්‍රයා වන්නේය.