මක්නිසාද උතුරු දිග රාජ්‍යවල සියලුම වංශවලට අඬගසන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක; ඔව්හු ඇවිත් තම තමුන්ගේ සිංහාසන යෙරුසලමේ දොරටුවලද එහි වටකරින් සියලු පවුරුවලට විරුද්ධවද යූදාහි සියලුම නුවරවලට විරුද්ධවද තබන්නෝය.
එසකියෙල් 32:30 - Sinhala Revised Old Version එහි උතුරු දිශාවේ සියලු උත්තමයෝද සියලු ශීදොන්වරුද සිටිති; ඔව්හු මැරුම්කෑ අය සමඟ බැසගියෝය; ඔව්හු තමුන්ගේ බලවන්තකමෙන් ඉපදෙවූ භීතිය ගැන ලජ්ජාවී කඩුවෙන් මැරුම්කෑ අය සමඟ වැටී ඉඳ, මිනීවළට බසින්නන් සමඟ තමුන්ගේ නින්දාව දරති. Sinhala New Revised Version “එහි උතුරු දිශාවේ සියලු උත්තමයෝ ද සියලු සීදොන්වරු ද සිටිති. ඔව්හු මැරුම්කෑ අය සමඟ බැස ගියෝ ය. ඔව්හු තමන්ගේ බලවන්තකමෙන් ඉපදවූ භීතිය ගැන ලජ්ජා වී, කඩුවෙන් මැරුම්කෑ අය සමඟ වැටී ඉඳ, වළ පල්ලට යන්නන් සමඟ තමන්ගේ නින්දාව දරති. Sinhala New Revised Version 2018 “එහි උතුරු දිශාවේ සියලු උත්තමයෝ ද සියලු සීදොන්වරු ද සිටිති. ඔව්හු මැරුම්කෑ අය සමඟ බැස ගියෝ ය. ඔව්හු තමන්ගේ බලවන්තකමෙන් ඉපදවූ භීතිය ගැන ලජ්ජා වී, කඩුවෙන් මැරුම්කෑ අය සමඟ වැටී ඉඳ, වළ පල්ලට යන්නන් සමඟ තමන්ගේ නින්දාව දරති. |
මක්නිසාද උතුරු දිග රාජ්‍යවල සියලුම වංශවලට අඬගසන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක; ඔව්හු ඇවිත් තම තමුන්ගේ සිංහාසන යෙරුසලමේ දොරටුවලද එහි වටකරින් සියලු පවුරුවලට විරුද්ධවද යූදාහි සියලුම නුවරවලට විරුද්ධවද තබන්නෝය.
එකිනෙකාට සමීපව සිටින්නන් සහ දුරුව සිටින්නන් වන උතුරු දිශාවේ සියලු රජුන්ටත්, පොළොව මතුපිට තිබෙන ලෝකයේ සියලු රාජ්‍යවලටත් පෙවුවෙමි. මොවුන්ට පසුව ෂේෂක්හි රජ බොනවා ඇත.
මිනීවළට බැස්ස පුරාණ ළඟට සෙනඟ බසින්ට මම නුඹට සලස්වන්නෙමි, නුඹ තුළ වැසියන් නොසිටින පිණිසද ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි මා විසින් මහිමය තබන පිණිසද මිනීවළට බසින අය සමඟ පොළොවේ පහත් තැන්වල එනම් පුරාතන සිට පාළුවූ තැන්හි නුඹ වාසයකරවන්නෙමි.
අචර්මඡේදිතයන් විඳින මරණවලින් නුඹ විදේශීන් අතින් මැරුම්කන්නෙහිය. මක්නිසාද මම එසේ කීයෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ ශීදොන් දෙසට හරවා ඊට විරුද්ධව අනාගතවාක්‍ය පවසමින් මෙසේ කියන්න:
එසේය, මම ඈ තුළට වසංගතයත් ඇගේ වීථි තුළට ලේත් අරින්නෙමි; වටකරින් ඈ පිටට පැමිණෙන කඩුවෙන් ඈ තුළ මනුෂ්‍යයෝ මැරුම්කා වැටෙන්නෝය; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.
උතුරේ දුරස්ථානවල තිබෙන නුඹේ ස්ථානයේ සිට නුඹ සහ නුඹ සමඟ බොහෝ ජනයන් අසුන් පිට සියල්ලන්ම නැගී, මහත් සමූහයක්ව, බලවත් සේනාවක්ව එනවා ඇත.
ගොමෙර් සහ ඔහුගේ සියලු සමුදාවල්ද උතුරේ දුරස්ථානවල තොගර්මා වංශය සහ ඔහුගේ සියලු සමුදාවල්ද යන බොහෝ ජනයෝ නුඹ සමඟ සිටිති.