Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 32:30 - Sinhala New Revised Version 2018

30 “එහි උතුරු දිශාවේ සියලු උත්තමයෝ ද සියලු සීදොන්වරු ද සිටිති. ඔව්හු මැරුම්කෑ අය සමඟ බැස ගියෝ ය. ඔව්හු තමන්ගේ බලවන්තකමෙන් ඉපදවූ භීතිය ගැන ලජ්ජා වී, කඩුවෙන් මැරුම්කෑ අය සමඟ වැටී ඉඳ, වළ පල්ලට යන්නන් සමඟ තමන්ගේ නින්දාව දරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 “එහි උතුරු දිශාවේ සියලු උත්තමයෝ ද සියලු සීදොන්වරු ද සිටිති. ඔව්හු මැරුම්කෑ අය සමඟ බැස ගියෝ ය. ඔව්හු තමන්ගේ බලවන්තකමෙන් ඉපදවූ භීතිය ගැන ලජ්ජා වී, කඩුවෙන් මැරුම්කෑ අය සමඟ වැටී ඉඳ, වළ පල්ලට යන්නන් සමඟ තමන්ගේ නින්දාව දරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

30 එහි උතුරු දිශාවේ සියලු උත්තමයෝද සියලු ශීදොන්වරුද සිටිති; ඔව්හු මැරුම්කෑ අය සමඟ බැසගියෝය; ඔව්හු තමුන්ගේ බලවන්තකමෙන් ඉපදෙවූ භීතිය ගැන ලජ්ජාවී කඩුවෙන් මැරුම්කෑ අය සමඟ වැටී ඉඳ, මිනීවළට බසින්නන් සමඟ තමුන්ගේ නින්දාව දරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 32:30
11 හුවමාරු යොමු  

ගොමෙර් සහ එහි සියලු හමුදා ද උතුරේ දුර බැහැර සිටින තොගර්මා වංශය සහ එහි සියලු හමුදා ද යන බොහෝ ජනයෝ නුඹ සමඟ සිටිති.


මම නුඹ අන් දෙසකට හරවා, නුඹ ඉදිරියට ගෙන ගොස් උතුරේ දුරස්ථානවලින් නුඹ ගෙනවුත් ඉශ්රායෙල් කඳු පිටට නුඹ පමුණුවන්නෙමි.


ඈත උතුරේ නුඹලාගේ වාසස්ථාන අත්හැරදමා නුඹ සහ නුඹ සමඟ බොහෝ ජාතීන් සියල්ලක් ම අසුන් පිට නැඟී මහා සමූහයක් ව, බලවත් සේනාවක් ව එනු ඇත.


“මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ සීදොන් දෙසට හරවා, ඊට විරුද්ධ ව දිවැස් වැකි පවසමින් මෙසේ කියන්න:


එකිනෙකාට සමීප ව සිටින්නන් සහ දුර ව සිටින්නන් වන උතුරු දිශාවේ සියලු රජුන්ටත්, පොළොව මතුපිට තිබෙන ලෝකයේ සියලු රාජ්‍යවලටත්, මේ කුසලානෙන් පෙව්වෙමි; මොවුන්ට පසු ව බබිලෝනියේ රජු එයින් පානය කරනු ඇත.


තීර්හි හා සීදොන්හි සියලු රජුන්ටත්, මුහුදුබඩ පළාත්වල රජවරුන්ටත්,


මා කියන දේට සවන් දෙන්න. උතුරු දිග රට රාජ්‍යවල සියලු වංශවලට මම අඬගසන්නෙමි. ඔවුන්ගේ රජවරු පැමිණ ජෙරුසලමේ දොරටු අසල ද නගරය වට කළ පවුර අවට ද ජුදාහි සෙසු නගර තුළ ද සිහසුන් පිහිටුවා ගන්නෝ ය.


පාතාල ලෝකයට බැස ගිය, පෙර විසූ සෙනඟ ළඟට ගලා බසින්නට මම නුඹට සලස්වන්නෙමි. නුඹ තුළ වැසියන් නොසිටින පිණිස ද ජීවත් ව සිටින්නන්ගේ දේශයෙහි තැනක් නො ලබන පිණිස ද පාතාල ලෝකයට බසින අය සමඟ පොළොවේ පාතාලයෙහි එනම්, පෙර සිට පාළු වූ තැන්හි නුඹ වාසය කරවන්නෙමි.


අචර්මඡේදිතයන් මෙන් නුඹ විදේශිකයන් අතින් මැරුම්කන්නෙහි ය. මන්ද, මම එසේ කීයෙමි. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”


එසේ ය, මම ඈ තුළ වසංගතයත්, ඇගේ වීදිවල ලේ වැගිරීමත් ඇති කරන්නෙමි. හාත්පසින් ඈ පිට පැමිණෙන කඩුවෙන් ඈ තුළ මනුෂ්‍යයෝ මැරුම් කා වැටෙන්නෝ ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්