එසකියෙල් 27:35 - Sinhala Revised Old Version ද්වීපවල සියලුම වැසියෝ නුඹ ගැන විස්මපත්වෙති, ඔවුන්ගේ රජවරුද අතිශයින් භයව කැලඹුණ මුහුණු ඇතිව සිටිති. Sinhala New Revised Version ද්වීපවල සියලු ම වැසියෝ නුඹේ ඉරණම ගැන විස්ම පත් වෙති; ඔවුන්ගේ රජවරු ද අතිශයින් බිය ව කැළඹුණ මුහුණු ඇති ව සිටිති. Sinhala New Revised Version 2018 ද්වීපවල සියලු ම වැසියෝ නුඹේ ඉරණම ගැන විස්ම පත් වෙති; ඔවුන්ගේ රජවරු ද අතිශයින් බිය ව කැළඹුණ මුහුණු ඇති ව සිටිති. |
එසේය, මම නුඹ ගැන බොහෝ ජනයන් විස්මයට පමුණුවන්නෙමි, ඔවුන් ඉදිරිපිට මාගේ කඩුව ලෙළවන කල ඔවුන්ගේ රජවරුත් නුඹ නිසා ඉතා භයවන්නෝය; නුඹේ වැටීමේ දවසේදී ඔවුන් එක එකා තම තමාගේ ප්‍රාණය ගැන මොහොතෙන් මොහොත වෙවුලන්නේය.