ප්‍රොපේත කෙනෙක් ඉශ්‍රායෙල්හි රජවූ ආහබ් ළඟට ඇවිත් කථාකොට: මේ මුළු මහත් සමූහයා නුඹ දුටුවාද? මා ස්වාමීන්වහන්සේ බව නුඹ දැනගන්නා පිණිස මම අද ඔවුන් නුඹ අතට පාවාදෙමියි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.
එසකියෙල් 22:16 - Sinhala Revised Old Version නුඹද ජාතීන් ඉදිරියෙහි නුඹ කරණකොටගෙනම කෙලහෙන්නෙහිය; මා ස්වාමීන්වහන්සේ බව නුඹ දැනගන්නෙහියයි කීය. Sinhala New Revised Version අන්‍ය ජාතීන් නුඹට නින්දා අපහාස කරනු ඇත. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹ දැනගන්නෙහි ය.’ “ Sinhala New Revised Version 2018 අන්‍ය ජාතීන් නුඹට නින්දා අපහාස කරනු ඇත. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹ දැනගන්නෙහි ය.’ ” |
ප්‍රොපේත කෙනෙක් ඉශ්‍රායෙල්හි රජවූ ආහබ් ළඟට ඇවිත් කථාකොට: මේ මුළු මහත් සමූහයා නුඹ දුටුවාද? මා ස්වාමීන්වහන්සේ බව නුඹ දැනගන්නා පිණිස මම අද ඔවුන් නුඹ අතට පාවාදෙමියි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.
දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ළංවී ඉශ්‍රායෙල් රජුට කථාකොට: ස්වාමීන්වහන්සේ කඳුවල දෙවිකෙනෙක්වා මිස මිටියාවත්වල දෙවිකෙනෙක් නොවේයයි සිරියවරුන් කී නිසා, මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්න පිණිස මේ මුළු මහත් සමූහයා නුඹ අතට පාවාදෙන්නෙමියි කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.
ස්වාමීන්වහන්සේ යුක්තිය ඉෂ්ටකොට තමන්ම දැක්වූසේක; දුෂ්ටයා තමා අතින් කළ ක්‍රියායෙහිම අසුවී සිටියි.
පොළෝ මධ්‍යයෙහි මම ස්වාමීන්වහන්සේව සිටින බව නුඹ දැනගන්නා පිණිස ඒ දවසේදී මාගේ සෙනඟ සිටින ගෝෂෙන් දේශයට මැසි රංචු නොපැමිණෙන හැටියට මම ඒක වෙන්කොට,
එබැවින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ, ඔබ පමණක්ම, ස්වාමීන්වහන්සේ බව පොළොවේ සියලු රාජ්‍යවල් දැනගන්නා පිණිස ඔහුගේ අතින් අප ගැළෙවුව මැනවයි කීවේය.
එබැවින් මම ශුද්ධස්ථානයේ අධිපතීන් කෙලහා, යාකොබ් ශාපයටත් ඉශ්‍රායෙල් නින්දාවටත් පාවාදුන්නෙමි.
මම මාගේ සෙනඟ කෙරෙහි උදහස්වී, මාගේ උරුමය කෙලහා, ඔවුන් නුඹ අතට දුනිමි. නුඹ ඔවුන්ට අනුකම්පාවක් නොපෙන්වා, මහල්ලන් පිට නුඹේ වියගහ ඉතා බර කෙළෙහිය.
ස්වාමිවූ දෙවියන්වහන්සේගේ වචනය අසන්න; ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මාගේ ශුද්ධස්ථානය කෙලහුණු නිසා ඊට විරුද්ධවද ඉශ්‍රායෙල් රට පාළුවී තිබෙන නිසා ඊට විරුද්ධවද යූදා වංශය වහල්කමට ගිය නිසා ඔවුන්ට විරුද්ධවද නුඹ ඔහෝයයි කී බැවින්,
ඔවුන් ජාතීන් අතරට ගෙනගියාවූ මා විසින් ඔවුන්ගෙන් කිසිවෙකු තවත් එහි අත් නෑර ඔවුන්ගේ රටට ඔවුන් රැස්කරන විට, මා ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.
එබැවින් මම ඉතා නපුරු ජාතීන් ගෙන්වන්නෙමි, ඔව්හු මොවුන්ගේ ගෙවල් උරුමකරගන්නෝය. මම බලවතුන්ගේ උඩඟුකම නවත්වන්නෙමි; මොවුන්ගේ ශුද්ධස්ථානද කෙලහනු ලබන්නේය.
ඔබ මනුෂ්‍යයන් වෙතින් පන්වනු ලබන්නෙහිය, ඔබගේ වාසය වනයේ මෘගයන් සමඟ වන්නේය, ගවයන්ට මෙන් ඔබට තෘණ කවනු ලබන්නේය, ඔබ අහසේ පින්නෙන් තෙමෙන්නෙහිය; මෙසේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි මහෝත්තමයාණන්වහන්සේ බලය පවත්වා, කැමැති කෙනෙකුට ඒක දෙන බව ඔබ දැනගන්න තුරු, ඔබ කාලවල් සතක් පසුකරනවා ඇත.