ඔහු එතැනින් ගිය විට ඔහුගේ පෙරමගට ආ රේකාබ්ගේ පුත්‍රවූ යෙහෝනාදාබ් සම්බවී ඔහුට ආචාරකොට: මාගේ සිත නුඹේ සිත කෙරේ අවංකව තිබෙන්නාක්මෙන් නුඹේ සිතත් අවංකදැ යි ඇසුවේය. යෙහෝනාදාබ්: එසේයයි කීවිට: එසේ නම් මට නුඹේ අත දෙන්නැයි ඔහු කීවේය. ඔහු තමාගේ අත ඔහුට දුන්නේය.
එසකියෙල් 17:18 - Sinhala Revised Old Version මක්නිසාද ඔහු ගිවිසුම කඩකිරීමෙන් දිවුරුම සුළුකෙළේය; ඔහු තමාගේ අත දී තිබුණ නුමුත් මේ සියල්ල කෙළේය; ඔහු නොගැළවෙන්නේය. Sinhala New Revised Version මන්ද, ඔහු ගිවිසුම කඩ කර දිවුරුම සුළු කෙළේ ය. ඔහු අත හිත දී තිබුණ නමුත්, මේ සියල්ල කෙළේ ය. ඔහු නොගැළවෙන්නේ ය.’ “ Sinhala New Revised Version 2018 මන්ද, ඔහු ගිවිසුම කඩ කර දිවුරුම සුළු කෙළේ ය. ඔහු අත හිත දී තිබුණ නමුත්, මේ සියල්ල කෙළේ ය. ඔහු නොගැළවෙන්නේ ය.’ ” |
ඔහු එතැනින් ගිය විට ඔහුගේ පෙරමගට ආ රේකාබ්ගේ පුත්‍රවූ යෙහෝනාදාබ් සම්බවී ඔහුට ආචාරකොට: මාගේ සිත නුඹේ සිත කෙරේ අවංකව තිබෙන්නාක්මෙන් නුඹේ සිතත් අවංකදැ යි ඇසුවේය. යෙහෝනාදාබ්: එසේයයි කීවිට: එසේ නම් මට නුඹේ අත දෙන්නැයි ඔහු කීවේය. ඔහු තමාගේ අත ඔහුට දුන්නේය.
ඉතින් නුඹලාගේ පියවරුන් මෙන් නුඹලාගේ කුළල් තදකර නොගෙන, ස්වාමීන්වහන්සේට ගිවිසුම් දී, උන්වහන්සේ සදාකාලයටම පවිත්‍රකළ උන්වහන්සේගේ ශුද්ධස්ථානයට ඇතුල්වී, උන්වහන්සේගේ තද උදහස නුඹලා කෙරෙන් පහවන පිණිස නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සේවයකරන්න.
රජුගේ ආඥාව රක්ෂාකරන්ට නුඹ දෙවියන්වහන්සේට දිවුරුම් දුන් නිසා එසේ කරන්ට මම නුඹට අවවාදකරමි.
නුමුත් ඔහු අශ්වයන් සහ බොහෝ සෙනඟ ලබාගන්ට තමාගේ තානාපතියන් මිසරයට යැවීමෙන් ඔහුට විරුද්ධව කැරළිගැසුවේය. ඔහු සඵලවේද? මෙබඳු දේ කරන්නා ගැළවේද? ගිවිසුම කඩකරලාත් ඔහු ගැළවෙනවා ඇද්ද?
මා ජීවමාන බව සැබෑවා සේම ඔහු රජකමට පත්කළ රජුගේ දිවුරුම ඔහු සුළුකොට ඔහුගේ ගිවිසුම කඩකළ නිසා, ඔහු ඒ රජුගේ ස්ථානයවූ බබිලෝනිය ඇතුළේදී ඒ රජු ළඟම නසින්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මා ජීවමාන බව සැබෑවා සේම ඔහු සුළුකළේ මාගේ දිවුරුමය, ඔහු කඩකළෙත් මාගේ ගිවිසුමය, මමද ඔහුගේ හිස පිටට ප්‍රතිඵල දෙන්නෙමි.
ඔවුන් ඒ අයට දිවුරුම් දී තිබෙන නුමුත් ඒක බොරු පේනකීමක් වාගේ ඔවුන්ට පෙනේ. නුමුත් ඔවුන් අසුවෙන පිණිස ඔහු අයුතුකම සිහිකරන්නේයයි කීය.