හොරෙක් අසුවූ විට ලජ්ජාවට පැමිණෙන්නාක්මෙන් ඉශ්‍රායෙල් වංශයද ඔවුන්ගේ රජවරුද ඔවුන්ගේ අධිපතියෝද ඔවුන්ගේ පූජකයෝද ඔවුන්ගේ ප්‍රොපේතවරුද ලජ්ජාවට පැමිණෙති.
එසකියෙල් 16:54 - Sinhala Revised Old Version මෙසේ කරන්නේ ඔවුන් නුඹෙන් සැනසෙන හැටියට නුඹ කළ සියල්ල නිසා, නුඹේ ලජ්ජාව නුඹ දරා, නින්දාවට පැමිණෙන පිණිසය. Sinhala New Revised Version නුඹ ගැන ම නුඹ ලජ්ජාවට පැමිණෙන්නෙහි ය. නුඹේ නින්දාවට සම කළ විට නුඹේ සහෝදරියන් කොතරම් සමෘද්ධිමත් දැ යි පෙනී යනු ඇත. Sinhala New Revised Version 2018 නුඹ ගැන ම නුඹ ලජ්ජාවට පැමිණෙන්නෙහි ය. නුඹේ නින්දාවට සම කළ විට නුඹේ සහෝදරියන් කොතරම් සමෘද්ධිමත් දැ යි පෙනී යනු ඇත. |
හොරෙක් අසුවූ විට ලජ්ජාවට පැමිණෙන්නාක්මෙන් ඉශ්‍රායෙල් වංශයද ඔවුන්ගේ රජවරුද ඔවුන්ගේ අධිපතියෝද ඔවුන්ගේ පූජකයෝද ඔවුන්ගේ ප්‍රොපේතවරුද ලජ්ජාවට පැමිණෙති.
නුඹේ සහෝදරියන් විනිශ්චයකළ නුඹ නුඹේ ලජ්ජාව දරාගන්න; ඔවුන්ට වඩා පිළිකුල් ලෙස නුඹ කළාවූ නුඹේ පාප නිසා ඔව්හු නුඹට වඩා ධර්මිෂ්ඨය. මෙසේ නුඹ නුඹේ සහෝදරියන් ධර්මිෂ්ඨව පෙනෙන්ට සැලැස්සූ බැවින් නුඹත් ලජ්ජාවට පැමිණ නුඹේ නින්දාව දරාගන්න.
ඔවුන්ගේ වහල්කම එනම් සොදොම සහ ඇගේ දූවරුන්ගේ වහල්කමද සමාරිය සහ ඇගේ දූවරුන්ගේ වහල්කමද ඔවුන් අතරේ නුඹේ වාල්වූ අයගේ වහල්කමද පහකරන්නෙමි.
නුඹේ සහෝදරියන් වන සොදොම සහ ඇගේ දූවරුන්ද තමුන්ගේ පළමු ස්වභාවට පැමිණෙනවා ඇත, සමාරිය සහ ඇගේ දූවරුන්ද තමුන්ගේ පළමු ස්වභාවට පැමිණෙනවා ඇත, නුඹ සහ නුඹේ දූවරුන්ද නුඹලාගේ පළමු ස්වභාවට පැමිණෙනවා ඇත.
මාගේ ගිවිසුම නුඹ සමඟ පිහිටුවන්නෙමි; එවිට මා ස්වාමීන්වහන්සේ බව නුඹ දැනගන්නෙහියයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
එහි ඒලාම් සහ ඇගේ මිනීවළ වටකර ඇගේ මුළු සමූහයාද සිටිති. ඔවුන් සියල්ලෝම කඩුවෙන් වැටී මැරුම්කෑවෝය, ජීවත්ව සිටින්නන්ගේ දේශයෙහි භීතිය ඉපදෙවූ ඔව්හු අචර්මඡේදිතව පොළොවේ පහත් තැන්වලට බැස ගියෝය; ඔව්හුද මිනීවළට බසින්නන් සමඟ තමුන්ගේ නින්දාව දරා සිටිති.
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා අවට සිටින ජාතීන්ට වඩා නුඹලා කෝලාහලකර, මාගේ පනත් ප්‍රකාරයට නොහැසිර, මාගේ විනිශ්චයන් රක්ෂා නොකර, නුඹලා අවට සිටින ජාතීන්ගේ විනිශ්චයන් ලෙසවත් නොකර හැරිය බැවින්,