Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 16:53 - Sinhala Revised Old Version

53 ඔවුන්ගේ වහල්කම එනම් සොදොම සහ ඇගේ දූවරුන්ගේ වහල්කමද සමාරිය සහ ඇගේ දූවරුන්ගේ වහල්කමද ඔවුන් අතරේ නුඹේ වාල්වූ අයගේ වහල්කමද පහකරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

53 “සමිඳාණන් වහන්සේ ජෙරුසලම අමතා මෙසේ වදාළ සේක: ‘සොදොම් සහ එහි ගම් ද සමාරිය සහ එහි ගම් ද මම යළි සමෘද්ධිමත් කරන්නෙමි. එසේ ම ජෙරුසලම, මම නුඹ ද ඔවුන් මැද සමෘද්ධිමත් කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

53 “සමිඳාණන් වහන්සේ ජෙරුසලම අමතා මෙසේ වදාළ සේක: ‘සොදොම් සහ එහි ගම් ද සමාරිය සහ එහි ගම් ද මම යළි සමෘද්ධිමත් කරන්නෙමි. එසේ ම ජෙරුසලම, මම නුඹ ද ඔවුන් මැද සමෘද්ධිමත් කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 16:53
21 හුවමාරු යොමු  

එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: දැන් මම යාකොබ්ගේ වහල්කම පහකොට, මුළු ඉශ්‍රායෙල් වංශයට අනුකම්පාකර, මාගේ ශුද්ධවූ නාමය ගැන සලකන්නෙමි.


මම මිසරවරුන්ගේ වහල්කම පහකර, ඔවුන්ගේ ජන්ම දේශයවූ පත්‍රොස් දේශයට ඔවුන් නැවත පමුණුවන්නෙමි; ඔවුන් වනාහි එහි පහත් රාජ්‍යයක්ව සිටිනවා ඇත.


ඔවුන් මාගේ සෙනඟට බාල් ගැන දිවුරන්ට ඉගැන්වුවාක්මෙන් ඔව්හු: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා මාගේ නාමය ගැන දිවිරීමට මාගේ සෙනඟගේ මාර්ගවල් ඉගෙනගන්නෝ නම්, ඔව්හු මාගේ සෙනඟ අතරේ පිහිටුවනු ලබන්නෝය.


එසේය, මා විසින් යූදාගේද යෙරුසලමේද වහල්කම පහකරන ඒ දවස්වලදීත් ඒ කාලයෙහිදීත්,


එහෙත් මතු දවස්වලදී ඒලාමේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුමුත් පසුව මම අම්මොන් පුත්‍රයන්ගේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියන සේක.


එහෙත් මතු දවස්වලදී මම මෝවබ්ගේ වාල්කම පහකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. මෝවබ්ගේ විනිශ්චය තීන්දුය.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් ඔවුන්ගේ වාල්කම පහකළ කල්හි යූදා දේශයෙහිද එහි නුවරවලද මනුෂ්‍යයන්–එම්බා ධර්මිෂ්ඨකමේ වාසභූමිය, එම්බා ශුද්ධකමේ කන්ද, නුඹට ස්වාමීන්වහන්සේ ආශීර්වාදකරනසේක්වා යන කීම නැවත භාවිතාකරනවා ඇත.


මාගේ මවු මාගේ මිනීවළ වෙන ලෙසත්, ඇගේ කුසය හැමදාම මහත්ව තිබෙන ලෙසත්, මා කුසේ සිටිද්දී මා නොමැරූ බැවින්,


සේනාවල ස්වාමීන්වහන්සේ අපට ස්වල්ප දෙනෙක් ඉතුරුකර නුදුන්සේක් නම් අපි සොදොම මෙන් වී ගොමොරාවටද සමානවන්නෙමුව.


ස්වාමීන්වහන්සේ සියොන් කෙරෙන් වාලට ගෙනයනලද්දවුන් ආපසු ගෙනා කල, අපි හීනයක් දුටුවන් මෙන් වීමුව.


ස්වාමිනි, ඔබගේ දේශයට ඔබ කරුණාකළසේක. යාකොබ් වහල්කමින් මුදා ගෙනාසේක.


අහෝ සියොන් කෙරෙන් ඉශ්‍රායෙල්ගේ ගැළවීම පැමුණුණොත් යහපත! ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ වහල්කමින් මුදා ගෙනෙන කල්හි, යාකොබ් ප්‍රීතිවන්නේය, ඉශ්‍රායෙල් සන්තෝෂවන්නේය.


තවද යෝබ් තමාගේ මිත්‍රයන් උදෙසා යාච්ඤාකළ විට ස්වාමීන්වහන්සේ ඔහුගේ වහල්කම පහකොට, පෙර තිබුණු සියල්ලට වඩා දෙගුණයක් වැඩිකොට ඔහුට දුන්සේක.


නුඹේ සහෝදරියන් විනිශ්චයකළ නුඹ නුඹේ ලජ්ජාව දරාගන්න; ඔවුන්ට වඩා පිළිකුල් ලෙස නුඹ කළාවූ නුඹේ පාප නිසා ඔව්හු නුඹට වඩා ධර්මිෂ්ඨය. මෙසේ නුඹ නුඹේ සහෝදරියන් ධර්මිෂ්ඨව පෙනෙන්ට සැලැස්සූ බැවින් නුඹත් ලජ්ජාවට පැමිණ නුඹේ නින්දාව දරාගන්න.


මෙසේ කරන්නේ ඔවුන් නුඹෙන් සැනසෙන හැටියට නුඹ කළ සියල්ල නිසා, නුඹේ ලජ්ජාව නුඹ දරා, නින්දාවට පැමිණෙන පිණිසය.


කෙතේ සිටින ඇගේ දූවරු කඩුවෙන් මැරුම්කන්නෝය. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.


එහෙත් මාගේ සේවකයාවූ යාකොබ්, නුඹ භය නොවන්න, ඉශ්‍රායෙල්, නුඹ නොකැලඹෙන්න. මක්නිසාද, බලව, මම නුඹ දුරස්තරයෙන්ද නුඹේ වංශය තමුන්ගේ වාල්කමේ දේශයෙන්ද ගළවන්නෙමි; යාකොබ්ද හැරීඇවිත්, කිසිවෙකුගෙන් භයක් නොලැබ, නිශ්චලව සුවසේ සිටින්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්