එවිට ඔහු: නුඹ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුනූණ නිසා නුඹ මා ළඟින් අහක්ව ගිය කෙණෙහිම සිංහයෙක් නුඹ මරන්නේයයි කීවේය. ඔහු ළඟින් ඔහු අහක්ව ගිය කෙණෙහිම සිංහයෙක් ඔහුට සම්මුඛවී ඔහු මැරුවේය.
එසකියෙල් 14:15 - Sinhala Revised Old Version චණ්ඩ මෘගයන් නිසා කිසිවෙකු දේශයෙහි ගමන් නොකරන හැටියට ඒක පාළුවක් වෙන ලෙස නාස්තිකරන පිණිස මා විසින් මෘගයන් එහි යවන විට, Sinhala New Revised Version චණ්ඩ මෘගයන්ට භීතියෙන් කිසිවෙකුට දේශයෙහි ගමන් කළ නොහැකි වන පරිදි එය පාළුවක් වනතෙක් නාස්ති කරන පිණිස මා විසින් මෘගයන් එහි යවනු ලබන විට, Sinhala New Revised Version 2018 චණ්ඩ මෘගයන්ට භීතියෙන් කිසිවෙකුට දේශයෙහි ගමන් කළ නොහැකි වන පරිදි එය පාළුවක් වනතෙක් නාස්ති කරන පිණිස මා විසින් මෘගයන් එහි යවනු ලබන විට, |
එවිට ඔහු: නුඹ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුනූණ නිසා නුඹ මා ළඟින් අහක්ව ගිය කෙණෙහිම සිංහයෙක් නුඹ මරන්නේයයි කීවේය. ඔහු ළඟින් ඔහු අහක්ව ගිය කෙණෙහිම සිංහයෙක් ඔහුට සම්මුඛවී ඔහු මැරුවේය.
ඔව්හු එහි වාසයකරන්ට පටන්ගන්න කල ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව නොසිටියෝය. එබැවින් ස්වාමීන්වහන්සේ ඔවුන් අතරට සිංහයන් යැවුසේක, උන් ඔවුන්ගෙන් සමහර දෙනෙකුන් මැරුවෝය.
මේ කාරණා දෙක එනම් පාළුව සහ විනාශයත් සාගතය සහ කඩුවත් නුඹට පැමිණී තිබේ; නුඹට අනුකම්පාව පෙන්වන්නේ කවුද? මම නුඹ කෙසේ සනසන්නෙම්ද?
මම සතර වර්ගයක්, එනම් මරා දමන්ට කඩුවද ඉරන්ට බල්ලන්ද කාදමා නැතිකරන්ට අහසේ පක්ෂීන් හා පොළොවේ මෘගයන්ද, ඔවුන් කෙරෙහි නියමකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
කඳු ගැන ඇඬීමක්ද ළතෝනියක්ද කාන්තාරයේ තෘණ බිම් ගැන විලාපයක්ද පවත්වන්නෙමි, මක්නිසාද කිසිවෙක් එහි නොයන හැටියට ඒවා දාලාගියේය; සිව්පාවුන්ගේ හඬ නෑසෙන්නේය; ආකාශයේ පක්ෂීහුද මෘගයෝද පලාගොස් අහක්වුණෝය.
තවද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: යෙරුසලමෙන් මනුෂ්‍යයන් සහ මෘගයන් සිඳදමන්ට මා විසින් ඊට මාගේ තද දඬුවම් සතරවූ කඩුවද සාගතයද චණ්ඩ මෘගයන්ද වසංගතයද යැවූ කල්හි කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද?
නුඹේ දරුවන් නැතිකිරීමට මම නුඹලාට විරුද්ධව සාගතයද චණ්ඩ මෘගයන්ද එවන්නෙමි; වසංගතය හා ලේ වැගිරීම නුඹලා අතරට පැමිණෙන්නේය; මම නුඹ පිටට කඩුවක් පමුණුවන්නෙමියි ස්වාමිවූ මම කීවෙමියි කීසේක.
මම නුඹලා අතරට වන මෘගයන් එවන්නෙමි, උන් නුඹලාගේ දරුවන් නුඹලාගෙන් කොල්ලකන්නෝය, නුඹලාගේ ගවයන් විනාශකරන්නෝය; නුඹලා ගණනින් අඩුකරන්නෝය; එසේ නුඹලාගේ මාර්ග පාළුවන්නේය.
ස්වාමීන්වහන්සේ සෙනඟ අතරට ගිනි සර්පයන් යැවූසේක, උන් සෙනඟට දෂ්ටකළෝය; එසේ ඉශ්‍රායෙල්වරුන්ගෙන් බොහෝ දෙනෙක් මළෝය.