Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 17:25 - Sinhala Revised Old Version

25 ඔව්හු එහි වාසයකරන්ට පටන්ගන්න කල ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව නොසිටියෝය. එබැවින් ස්වාමීන්වහන්සේ ඔවුන් අතරට සිංහයන් යැවුසේක, උන් ඔවුන්ගෙන් සමහර දෙනෙකුන් මැරුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 ඔව්හු එහි වාසය කරන්න පටන්ගන්න කල සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව නොසිටියෝ ය. එබැවින් සමිඳාණන් වහන්සේ ඔවුන් අතරට සිංහයන් යැවූ සේක. ඒ සත්තු ඔවුන්ගෙන් සමහර දෙනෙකුන් මැරූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 ඔව්හු එහි වාසය කරන්න පටන්ගන්න කල සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව නොසිටියෝ ය. එබැවින් සමිඳාණන් වහන්සේ ඔවුන් අතරට සිංහයන් යැවූ සේක. ඒ සත්තු ඔවුන්ගෙන් සමහර දෙනෙකුන් මැරූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 17:25
18 හුවමාරු යොමු  

මෙසේ මේ ජාතීහු ස්වාමීන්වහන්සේ කෙරෙහි භය පවත්වමින් තමුන්ගේ රූපවලට සේවයකළෝය; එලෙසම ඔවුන්ගේ දරුවෝද දරුවන්ගේ දරුවෝද තමුන්ගේ පියවරුන් කළ හැටියට අද දක්වා කෙරෙති.


අද දක්වා ඔව්හු පළමු විධි ලෙස කෙරෙති. ඔව්හු ස්වාමීන්වහන්සේ කෙරෙහි භය අතුව නොසිටිති, තමුන්ගේම නියෝගද පනත්ද ලෙස නොකෙරෙති, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් යන නම තැබූ, යාකොබ්ගේ පුත්‍රයන්ට අණකළ උන්වහන්සේගේ ව්‍යවස්ථාවේද ආඥාවේද හැටියට නොකෙරෙති;


ඔව්හු ස්වාමීන්වහන්සේ කෙරෙහි භයපවත්වමින්, උස්තැන්හි ගෘහවල ඔවුන් උදෙසා පූජාකරන පිණිස තමුන් අතරෙන් උස් තැන්වල පූජකයන් පත්කරගත්තෝය.


ඔහුද: මම හෙබ්‍රෙව්වෙක්ය; මම වනාහි මුහුදත් ගොඩබිමත් මැවුවාවූ ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අදහමියි ඔවුන්ට කීය.


මාගේ රාජ්‍යයේ ආණ්ඩුව පවතින සෑමතැනම මනුෂ්‍යයන් දානියෙල්ගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි වෙවුලා භය වෙන හැටියට අණකරමි. මක්නිසාද උන්වහන්සේ ජීවමානවූ සදාකාලයටම සිටින්නාවූ දෙවියන්වහන්සේය, උන්වහන්සේගේ රාජ්‍යය නැති නොවී, උන්වහන්සේගේ ආණ්ඩුව කෙළවර දක්වා පවත්නේය.


තවද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: යෙරුසලමෙන් මනුෂ්‍යයන් සහ මෘගයන් සිඳදමන්ට මා විසින් ඊට මාගේ තද දඬුවම් සතරවූ කඩුවද සාගතයද චණ්ඩ මෘගයන්ද වසංගතයද යැවූ කල්හි කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද?


චණ්ඩ මෘගයන් නිසා කිසිවෙකු දේශයෙහි ගමන් නොකරන හැටියට ඒක පාළුවක් වෙන ලෙස නාස්තිකරන පිණිස මා විසින් මෘගයන් එහි යවන විට,


මම සතර වර්ගයක්, එනම් මරා දමන්ට කඩුවද ඉරන්ට බල්ලන්ද කාදමා නැතිකරන්ට අහසේ පක්ෂීන් හා පොළොවේ මෘගයන්ද, ඔවුන් කෙරෙහි නියමකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ජාතීන්ගේ රජ්ජුරුවන්වහන්ස, ඔබට භය නොවන්නේ කවරෙක්ද? මක්නිසාද භයවිය යුත්තේ ඔබටය. කුමක්හෙයින්ද ජාතීන්ගේ සියලු ප්‍රඥාවන්තයන් අතරේද ඔවුන්ගේ සියලුම රාජශ්‍රීයෙහිද ඔබට සමානවූ කිසිවෙක් නැත.


එබැවින් කැලෑවෙන් එන සිංහයෙක් ඔවුන් මරන්නේය, සැන්දෑ කාලයෙහි එන වෘකයෙක් ඔවුන් නාස්තිකරන්නේය, දිවියෙක් ඔවුන්ගේ නුවරවල් ළඟ රැක ඉන්නේය, ඒවායින් පිටතට යන සියල්ලෝ ඉරාදමනු ලබන්නෝය. මක්නිසාද ඔවුන්ගේ වරද බොහෝවී ඔවුන්ගේ පසුබටවීම් වැඩිවී තිබේ.


මෙසේ ඔවුන් සමාරියෙන් ගෙනගිය පූජකයන්ගෙන් එක්කෙනෙක් ඇවිත් බෙතෙල්හි වාසයකොට, ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවිය යුතු අන්දම ඔවුන්ට ඉගැන්නුවේය.


ඔහු පස්සට හැරී ඔවුන් දැක ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ඔවුන්ට ශාපකෙළේය. එවිට වැළහින්නියන් දෙන්නෙක් කැලෑවෙන් ඇවිත් ඒ ළමයින්ගෙන් සතළිස් දෙදෙනෙකු ඉරා දැමුවෝය.


එවිට ඔහු: නුඹ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුනූණ නිසා නුඹ මා ළඟින් අහක්ව ගිය කෙණෙහිම සිංහයෙක් නුඹ මරන්නේයයි කීවේය. ඔහු ළඟින් ඔහු අහක්ව ගිය කෙණෙහිම සිංහයෙක් ඔහුට සම්මුඛවී ඔහු මැරුවේය.


ඔහු ගියායින් පසු මාර්ගයේදී සිංහයෙක් ඔහුට සම්බවී ඔහු මැරුවේය. ඔහුගේ මළකඳ මාර්ගයෙහි දමනලද්දේය, කොටළුවා ඒ ළඟ සිටියේය; සිංහයාත් මළකඳ ළඟ සිටියේය.


රූබෙන් පුත්‍රයෙනි, ගාද් පුත්‍රයෙනි, අපටත් නුඹලාටත් අතරේ ස්වාමීන්වහන්සේ යොර්දාන සීමාව කොට තබා තිබෙන නිසා ස්වාමීන්වහන්සේ තුළ නුඹලාට කොටසක් නැතැයි කියා මෙසේ නුඹලාගේ පුත්‍රයෝ අපේ පුත්‍රයන් ස්වාමීන්වහන්සේට භයවීමෙන් වෙන්කරන්නෝයයි අපි සිතීමුව.


මම නුඹලා අතරට වන මෘගයන් එවන්නෙමි, උන් නුඹලාගේ දරුවන් නුඹලාගෙන් කොල්ලකන්නෝය, නුඹලාගේ ගවයන් විනාශකරන්නෝය; නුඹලා ගණනින් අඩුකරන්නෝය; එසේ නුඹලාගේ මාර්ග පාළුවන්නේය.


එබැවින් ඔව්හු අෂූර්හි රජුට කථාකොට: ඔබ විසින් ගෙනවුත් සමාරියේ නුවරවල පදිංචිකෙරෙවු ජාතීහු ඒ දේශයේ දෙවියන්ගේ අන්දම නොදනිති. ඒ නිසා උන්වහන්සේ ඔවුන් අතරට සිංහයන් එවූසේක, ඔවුන් දේශයේ දෙවියන්ගේ විධිය නොදන්නා නිසා සිංහයෝ ඔවුන් මරතියි කීවෝය.


දීමොන්හි ජලවල් ලෙයින් පිරී තිබේ. මක්නිසාද දීමොන් පිටට තව විපත්ති පමුණුවන්නෙමි, ගැළවෙන මෝවබ්වරුන් පිටත් දේශයේ ඉතිරි අය පිටත් සිංහයෙකු පමුණුවන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්