බලව, තාප්පය වැටුණු කල: නුඹලා ගෑවාවූ ගෑම කොයිදැයි මනුෂ්‍යයෝ නුඹලාට නොකියද්ද?
බලන්න, තාප්පය වැටුණු කල, ‘නුඹලා ගෑවා වූ බදාම කොයි දැ’යි මනුෂ්‍යයෝ නුඹලාට නොකියත් ද?
එලිෂා ඉශ්‍රායෙල් රජුට කථාකොට: මාගෙන් නුඹට කම මොකද? නුඹේ පියාගේ ප්‍රොපේතවරුන් ළඟටත් නුඹේ මවුගේ ප්‍රොපේතවරුන් ළඟටත් ගිය මැනවැයි කීවේය. ඉශ්‍රායෙල් රජද: එසේ නොවේවා. මක්නිසාද ස්වාමීන්වහන්සේ මෝවබ්වරුන් අතට පාවාදෙන පිණිස මේ රජුන් තුන්දෙනා ගෙන්වූසේකැයි ඔහුට කීවේය.
තවත් ඔහු සඟවාගන්ට නොහැකිවූ කල්හි ඈ පන් පෙට්ටියක් ගෙන ඒකේ කීල් සහ ලාටු ගා දරුවා එහි තබා ගංඉවුරේ පන්ගස් අතරේ තැබුවාය.
නුමුත් නුඹ සාදාගත් දෙවිවරු කොයිද? නුඹේ විපත්ති කාලයේදී නුඹ ගළවන්ට ඔවුන්ට පුළුවන් නම් ඔව්හු නැගිටිත්වා. මක්නිසාද, එම්බා යූදා, නුඹේ නුවරවල ගණනට නුඹට දෙවිවරු සිටිති.
බබිලෝනියේ රජ නුඹටවත් මේ දේශයටවත් විරුද්ධව නොඑන්නේය කියා නුඹලාට අනාගතවාක්‍ය කීවාවූ නුඹලාගේ අනාගතවක්තෘවරු ඉතින් කොයිද?
ඒක වැටෙන්නේයයි පදම් නොකළ බදාම ගාන අයට කියන්න. ඉතා සැර වැස්සක් එන්නේය; එම්බා මහත් ගල් වර්ෂාවෙනි, නුඹලා වැටෙනවා ඇත; හුළං-කුණාටුවක් එය ඉරාදමන්නේය.
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මාගේ කෝපයෙන් හුළං-කුණාටුවක් කරණකොටගෙන ඒක ඉරාදමන්නෙමි; ඒක විනාශකරන්ට මාගේ උදහස නිසා සැර වැස්සක්ද මාගේ කෝපය නිසා ගල් වර්ෂාද වන්නේය.
උන්වහන්සේ කථාකොට: ඔවුන්ගේ පූජාවල තෙල කෑවාවූ, ඔවුන්ගේ පාන පූජාවේ මුද්‍රිකපානය බීවාවූ,
නුඹලා විසින් තෝරාගත් දෙවිවරුන් කරා ගොස් ඔවුන්ට මොරගසන්න; ඔව්හු නුඹලාගේ විපත්ති කාලයේදී නුඹලා ගළවත්වයි කීසේක.
එවිට ශෙබුල් ඔහුට කථාකොට: අප විසින් මෙහෙකිරීමට අබිමෙලෙක් කවුදැයි නුඹ කීවාවූ නුඹේ කට දැන් කොහේද? මේ නුඹ විසින් හෙළාදක්නාලද මිනිස්සු නොවෙද්ද? ඉතින් දැන් නුඹ ගොස් ඔවුන්ට විරුද්ධව සටන් කරන්නැයි කීවේය.