මනුෂ්‍ය පුත්‍රය, දවස් පසුවන්නේය, දර්ශන සියල්ල නැතිවන්නේය කියා ඉශ්‍රායෙල් රටෙහි නුඹලා අතරේ ව්‍යවහාරවෙන උපමාකීම කිමෙක්ද?
එසකියෙල් 12:27 - Sinhala Revised Old Version මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශය කථාකොට-ඔහු දකින දර්ශනය ඉෂ්ටවෙන්ට බොහෝ දවස් යන්නේය, ඔහු අනාගතවාක්‍ය කියන්නේ දුර කාලවල් ගැනයයි කියති. Sinhala New Revised Version “මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් සෙනඟ කතා කොට, ‘නුඹ දකින දර්ශන ඉෂ්ටවන්න බොහෝ දවස් ගත වන්නේ ය’ කියා ද ‘නුඹ දිවැස් වැකි කියන්නේ දුර අනාගත කාල ගැන ය’ කියා ද කියති. Sinhala New Revised Version 2018 “මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් සෙනඟ කතා කොට, ‘නුඹ දකින දර්ශන ඉෂ්ටවන්න බොහෝ දවස් ගත වන්නේ ය’ කියා ද ‘නුඹ දිවැස් වැකි කියන්නේ දුර අනාගත කාල ගැන ය’ කියා ද කියති. |
මනුෂ්‍ය පුත්‍රය, දවස් පසුවන්නේය, දර්ශන සියල්ල නැතිවන්නේය කියා ඉශ්‍රායෙල් රටෙහි නුඹලා අතරේ ව්‍යවහාරවෙන උපමාකීම කිමෙක්ද?
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න: මාගේ කිසි වචනයක් තවත් ප්‍රමාද නොවී, මා විසින් කියන වචනයක් සිදුවන්නේමය කියා ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීවේය.
මතු දවස්වල නුඹේ සෙනඟට සිද්ධවෙන්ට තිබෙන කාරණා නුඹට තේරුම්කරදෙන්ට ආවෙමි. මක්නිසාද දර්ශනය [ඉෂ්ටවෙන්ට] තව බොහෝ දවස් ඇත්තේයයි කීවේය.
මෙසේ කියනලද සවසෙත් උදයෙත් දර්ශනය සැබෑය. එහෙත් නුඹ දර්ශනය වසා තබන්න; මක්නිසාද ඊට බොහෝ දවස් යනවා ඇතැයි කීවේය.
පියවරුන් සැතපුණු පසු මැවීමේ පටන්ගැන්මේ සිට සියලු දේ තිබුණාක්මෙන් පවතින බැවින්, උන්වහන්සේගේ ඊමේ පොරොන්දුව කොතැන්හිදැයි සරදම්කරමින් කියන්නාවූ කවටකම්කරන්නෝ පැමිණෙන්නෝයයි පළමුකොට දැනගන්න.