Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 8:26 - Sinhala Revised Old Version

26 මෙසේ කියනලද සවසෙත් උදයෙත් දර්ශනය සැබෑය. එහෙත් නුඹ දර්ශනය වසා තබන්න; මක්නිසාද ඊට බොහෝ දවස් යනවා ඇතැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 උදේ හා හවස දුටු දර්ශනයේ තේරුම සැබෑ ය. එහෙත්, ඒ දර්ශනය රහසක් ව තබාගන්න. මන්ද, එය සිදුවන්නට පෙර බොහෝ දවස් ගත විය යුතු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 8:26
11 හුවමාරු යොමු  

පර්සියාවේ රජවූ කෝරෙෂ්ගේ තුන්වෙනි අවුරුද්දේ බේල්ටෙෂශර් නම්වූ දානියෙල්ට කාරණයක් එළිදරව්විය; ඒ කාරණය සැබෑය, එනම් මහත් යුද්ධයක් ගැනය. ඔහු කාරණය කල්පනාකර, දර්ශනය තේරුම්ගත්තේය.


ඔහුද: දානියෙල්, නුඹ යන්න. මක්නිසාද අන්තිම කාලය දක්වා මේ වචන වසා මුදාකොට තිබේ.


නුමුත්, දානියෙල්, නුඹ මේ වචන වසා, අන්තිම කාලය දක්වා පොත මුද්‍රකර තබන්න. බොහෝ දෙනෙක් එය කියවා බලනවා ඇත, දැනගැන්මද වැඩිවන්නේයයි කීවේය.


මතු දවස්වල නුඹේ සෙනඟට සිද්ධවෙන්ට තිබෙන කාරණා නුඹට තේරුම්කරදෙන්ට ආවෙමි. මක්නිසාද දර්ශනය [ඉෂ්ටවෙන්ට] තව බොහෝ දවස් ඇත්තේයයි කීවේය.


තවද ඔහු මට කථාකොට: මේ පොතේ අනාගතවාක්‍යයේ වචන මුද්‍රා නොකරන්න; මක්නිසාද කාලය ආසන්නය.


මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් වංශය කථාකොට-ඔහු දකින දර්ශනය ඉෂ්ටවෙන්ට බොහෝ දවස් යන්නේය, ඔහු අනාගතවාක්‍ය කියන්නේ දුර කාලවල් ගැනයයි කියති.


ඔහු මොරගැසූ කල ගර්ජනා සතද තමුන්ගේ හඬ පැවැත්වූවෝය. ඒ ගර්ජනා සත ශබ්ද පැවැත්වූ කල මම ලියන්ට හැදුවෙමි. එවිට: ගර්ජනා සත ශබ්ද පවත්වා කී දේ නොලියන්න, එය මුද්‍රාකරන්නැයි ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසුණේය.


හිරකාරයන් වළක රැස්කර තබන්නාක්මෙන් ඔව්හු එකට හිරගෙයි වසාතබනු ලබන්නෝය, බොහෝ දවසකට පසු දඬුවම් ලබන්නෝය.


තව රජවරු තුන්දෙනෙක් පර්සියාවෙහි නැගිටින්නෝය; සතරවෙනියා සියල්ලන්ට වඩා මහත් වස්තු සපයාගන තමාගේ වස්තුවෙන් බලවත්වූ කල්හි ග්‍රීක් රාජ්‍යයට විරුද්ධව සියල්ලන් පොලඹවන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්