මෙසේ උන්වහන්සේ මනුෂ්‍යයා පිටතට එළවා ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල්කරන පිණිස ඒදන් උයනට නැගෙනහිරෙන් කෙරුබ්වරුන්ද හැම අතටම කරකැවෙන්නාවූ ගිනිමයවූ කඩුවක්ද පිහිටෙවූසේක.
එසකියෙල් 10:18 - Sinhala Revised Old Version එවිට ස්වාමීන්වහන්සේගේ තේජස ගෘහයේ එළිපත්ත මතුපිටින් පිටතට ගොස් කෙරුබ්වරුන්ට උඩින් සිටියේය. Sinhala New Revised Version එවිට සමිඳාණන් වහන්සේගේ තේජස මාලිගාවේ එළිපත්ත මතුපිටින් පිටතට ගොස් කෙරුබ්වරුන්ට ඉහළින් පිහිටියේ ය. Sinhala New Revised Version 2018 එවිට සමිඳාණන් වහන්සේගේ තේජස මාලිගාවේ එළිපත්ත මතුපිටින් පිටතට ගොස් කෙරුබ්වරුන්ට ඉහළින් පිහිටියේ ය. |
මෙසේ උන්වහන්සේ මනුෂ්‍යයා පිටතට එළවා ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල්කරන පිණිස ඒදන් උයනට නැගෙනහිරෙන් කෙරුබ්වරුන්ද හැම අතටම කරකැවෙන්නාවූ ගිනිමයවූ කඩුවක්ද පිහිටෙවූසේක.
තවද ඔවුන් කථාකරකර යද්දී ගිනි රථයක්ද ගිනි අශ්වයෝද පෙනී ඔවුන් දෙදෙනා වෙන්කළෝය; එලියා සුළි හුළඟකින් ස්වර්ගයට නැගී ගියේය.
උන්වහන්සේ කෙරුබයෙක් පිට නැඟී පියාසරකළසේක, එසේය, උන්වහන්සේ සුළඟ නමැති පියාපත් මතුයෙහි වේගයෙන් ගමන්කළසේක.
උන්වහන්සේ අන්ධකාරය තමන්ට ආවරණයක්ද, ජලධාරාවල අන්ධකාරය සහ ආකාශ ඝන වලාකුල් තමන් වටකොට මණ්ඩපයක්ද කරගත්සේක.
ස්වාමීන්වහන්සේ රජකම් කරනසේක; මනුෂ්‍ය වර්ගයෝ වෙවුලත්වා. උන්වහන්සේ කෙරුබිම් පිට වැඩහිඳිනසේක; පොළොව සෙලවේවා.
එම්බා යෙරුසලම, මාගේ ආත්මය නුඹෙන් වෙන්වී නොයන පිණිසත් මා විසින් නුඹ පාළුවක්ද වැසියන් නැති දේශයක්ද නොකරන පිණිසත් දැනමිතිකම් ලබන්න.
නුඹ පියාපත් විදහාගෙන සිටින අභිෂේකලත් කෙරුබයෙක් වූයෙහිය. මම නුඹ දෙවියන්වහන්සේගේ ශුද්ධවූ කන්දෙහි සිටෙවුවෙමි; නුඹ ගිනි ඇවිළෙන ගල් අතරෙහි ඇවිද්දෙහිය.
ඇතුල් මාළිගාවද මිදුලේ ශාලාද එළිපත්ද පටු කවුළුද මහල් තුනටම එළිපත්ත ඉස්සරහ වටකර තිබුණු පිට-ශාලාද තුනී ලෑලිවලින් වසා තිබුණේය, බිම සිට කවුළු දක්වාත් එසේම තිබුණේය; කවුළුත් වසා තිබුණේය;
එවිට ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජස නැගෙනහිර දිශාවෙන් එනවා දුටුමි. උන්වහන්සේගේ ශබ්දය බොහෝ ජල ඝෝෂාවක ශබ්දය මෙන් විය. පොළොවද උන්වහන්සේගේ තේජසින් බැබළුණේය.
උන්වහන්සේද: මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් කරන දේ එනම් මා විසින් මාගේ ශුද්ධස්ථානයෙන් දුරුව යන හැටියට ඉශ්‍රායෙල් වංශය මෙහි කරන මහත් පිළිකුල්කම් නුඹට පෙනෙන්නේද? එහෙත් නුඹ තව මහත් පිළිකුල් දේ නැවතත් දකින්නෙහියයි මට කීසේක.
ඔවුන් දරුවන් ඇතිකරතත් මනුෂ්‍යයෙක් නොසිටින හැටියට ඔවුන් තුරන්කරන්නෙමි. එසේය, මා විසින් ඔවුන් අත්හැර යන කල ඔවුන්ට දුක්වේ!
ඇගේ ස්වාමියා උදය නැගිට ගෙයි දොරවල් හැර තමාගේ ගමන යන්ට එළියට ගියේය. බලව, තමාගේ උපභාර්යාව වන ඒ ස්ත්‍රි ගෙයි දොරකඩ ළඟ වැටී උන්නාය, ඇගේ අත් එළිපත්ත උඩ තිබුණේය.