උන්වහන්සේගේ වාග් ශබ්දය අසා උන්වහන්සේගේ වචන ඉෂ්ටකරන්නාවූ ශක්තියෙන් බලවන්තයෙනි, ස්වාමීන්ගේ දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
එසකියෙල් 1:19 - Sinhala Revised Old Version සත්වයන් යන විට චක්‍රත් ඔවුන් කැටුව ගියේය. සත්වයන් පොළොවෙන් නගින විට චක්‍රද නැංගේය. Sinhala New Revised Version ඒ සත්ත්වයන් ගමන් ගත් විට චක්‍රත් ඔවුන් කැටුව ගියේ ය. ඒ ජීවමාන සත්ත්වයන් පොළොවෙන් නැඟුණු විට චක්‍රත් නැඟුණේ ය. Sinhala New Revised Version 2018 ඒ සත්ත්වයන් ගමන් ගත් විට චක්‍රත් ඔවුන් කැටුව ගියේ ය. ඒ ජීවමාන සත්ත්වයන් පොළොවෙන් නැඟුණු විට චක්‍රත් නැඟුණේ ය. |
උන්වහන්සේගේ වාග් ශබ්දය අසා උන්වහන්සේගේ වචන ඉෂ්ටකරන්නාවූ ශක්තියෙන් බලවන්තයෙනි, ස්වාමීන්ගේ දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
මා සත්වයන් දෙස බලා සිටියදී සත්වයන් ළඟ එක එකාගේ මුහුණු සතරට චක්‍රයක් බැගින් පොළොව පිට තිබෙනවා දුටිමි.
ඔවුන් යන විට ඒවාත් ගියේය; ඔවුන් නැවතුණු විට ඒවාත් නැවතුණේය; ඔවුන් පොළොවෙන් නගින විට ඔවුන් එක්වම චක්‍රත් නැංගේය. මක්නිසාද සත්වයාගේ ආත්මය චක්‍රවල තිබුණේය.
තවද කෙරුබ්වරුන් යන විට රෝදත් ඔවුන් කැටුව ගියෝය. පොළොව මතුපිටින් නගින්ට කෙරුබ්වරුන් තමුන්ගේ පියාපත් එසවූ විට රෝදත් ඔවුන් වෙතින් අහක් නූණෝය.
කෙරුබ්වරු පිටතට යන විට තමුන්ගේ පියාපත් ඔසවා මාගේ ඇස් හමුවෙහි පොළොවෙන් නැංගෝය, රෝදත් ඔවුන් එක්කම නැංගෝය. ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ නැගෙනහිර දොරකඩ සිටියෝය; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජසද ඔවුන්ට උඩින් තිබුණේය.