තවද සියලු මෝවබ්වරු තමුන්ට විරුද්ධව යුද්ධකරන්ට රජුන් ආ බව ඇසූ විට යුද්ධායුධ පළඳින්ට පුළුවන් වයසේ සිට ඊට වැඩි වයස්වූද සියල්ලෝ රැස්වී සීමාව ළඟ සිටියෝය.
එපීස 6:14 - Sinhala Revised Old Version එබැවින් නුඹලාගේ ඉඟටි සැබෑකම නැමති පටියෙන් බැඳගෙන, ධර්මිෂ්ඨකම නැමති ළයවැස්ම පැළඳගෙන, Sinhala New Revised Version එබැවින් ස්ථිර ව ඉන්න. ඔබගේ ඉඟටිය, සත්‍යය නමැති පටියෙන් බැඳ ගන්න. දමිටුකම නමැති ළයවැස්ම පැළඳගන්න. සිංහල කාලීන පරිවර්තනය එබැවින්, සත්‍යයේ ඉඟ පටිය ඉඟ බැඳ, ධර්මිෂ්ඨකමේ ළය වැස්ම පැලඳ, Sinhala New Revised Version 2018 එබැවින් ස්ථිර ව ඉන්න. ඔබගේ ඉඟටිය, සත්‍යය නමැති පටියෙන් බැඳ ගන්න. දමිටුකම නමැති ළයවැස්ම පැළඳගන්න. |
තවද සියලු මෝවබ්වරු තමුන්ට විරුද්ධව යුද්ධකරන්ට රජුන් ආ බව ඇසූ විට යුද්ධායුධ පළඳින්ට පුළුවන් වයසේ සිට ඊට වැඩි වයස්වූද සියල්ලෝ රැස්වී සීමාව ළඟ සිටියෝය.
මම ධර්මිෂ්ඨකම පැළඳගතිමි, එයද මා පැළඳගත්තේය; මාගේ යුක්තිය සළුවක්ද මකුටයක්ද මෙන් තිබුණේය.
උන්වහන්සේ යුද්ධ සැට්ටයක් කොට ධර්මිෂ්ඨකමද තමන් හිසේ ගැළවීම නැමති තොප්පියද පැළඳගත්සේක; තවද ඇඳුම පිණිස පළිගැනීම නැමති වස්ත්‍ර පැළඳගෙන, ජ්වලිතකම සළුවක්කොට පෙරවාගන සිටිසේක.
රාත්‍රිය බොහෝසේ ඉකුත්ව ගියේය, දවාල ළඟය. එබැවින් අන්ධකාරයේ ක්‍රියා අහකදමා, ආලෝකයේ ආයුධ පැළඳගනිමු.
සත්‍යතාවේ වචනයෙන්ද දෙවියන්වහන්සේගේ බලයෙන්ද දකුණෙහිත් වමෙහිත් ධර්මිෂ්ඨකම නමැති සන්නාහය කරණකොටගෙනද.
එබැවින් නපුරු දවසේදී විරුද්ධව සිටින්ටත් සියල්ල සම්පූර්ණකරගන ස්ථිරව සිටින්ටත් පුළුවන්වෙන පිණිස, දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ අරගන්න.
නුමුත් දවාලට අයිතිවූ අපි ඇදහිල්ල සහ ප්‍රේමය නමැති ළයවැස්මත් ගැළවීමේ බලාපොරොත්තුව නමැති ආරක්ෂා තොප්පියත් පැළඳගෙන මත් නොවී සිටිමු.
ඉන්නිසා නුඹලාගේ සිත් නමැති කටි බැඳගෙන සිහි ඇතුව සිට, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී නුඹලා වෙතට පමුණුවනු ලබන්ට තිබෙන අනුග්‍රහය පිට නුඹලාගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවන්න.
මෙසේ අශ්වයන්ද උන් පිට හුන් අයද දර්ශනයෙන් දුටිමි, ගිනිද ගිනිගල්ද ගෙන්දගම්ද ආකාරවූ ළයවැසුම් ඔවුන්ට තිබුණේය. අශ්වයන්ගේ හිස් සිංහයන්ගේ හිස් වාගේය; උන්ගේ කටවලින් ගිනිද දුම්ද ගෙන්දගම්ද නික්මුණේය.
යකඩ ළයවැසුම් මෙන් ළයවැසුම් උන්ට තිබුණේය; උන්ගේ පියාපත්වල ශබ්දය යුද්ධයට දුවන බොහෝ අශ්ව රථවල ශබ්දය වාගේය.