එපීස 4:10 - Sinhala Revised Old Version බැස්සාවූ උන්වහන්සේ නම් සියල්ල පූර්ණකරන පිණිස සියලු ස්වර්ගවලින් ඉහළට නැගුණාවූ තැනන්වහන්සේමය.) Sinhala New Revised Version පහළට බැස වදාළ තැනැන් වහන්සේ නම්, මුළු විශ්වය පූර්ණ කරන පිණිස සියලු ස්වර්ග ලෝක ඉක්මවා ඉහළට නැඟුණු තැනැන් වහන්සේ ම ය. සිංහල කාලීන පරිවර්තනය මුළු විශ්වයම පූර්ණ කරන පිණිස සමස්ත ස්වර්ගයන්ට ද වඩා ඉහළ නැගුණ තැනැත්තාණෝ පෙර කී පහළ බැස්ස තැනැත්තාණන්ම ය. Sinhala New Revised Version 2018 පහළට බැස වදාළ තැනැන් වහන්සේ නම්, මුළු විශ්වය පූර්ණ කරන පිණිස සියලු ස්වර්ග ලෝක ඉක්මවා ඉහළට නැඟුණු තැනැන් වහන්සේ ම ය. |
උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මා ගැන මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහිද අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලද ගීතිකාවලද ලියනලද සියල්ල සම්පූර්ණ විය යුතුයයි මා නුඹලා සමඟ සිටියදීම නුඹලාට කී වචන මේයයි කීසේක.
එබැවින් ඔව්හු එකිනෙකා කථාකොට: මේක නොඉරා, කාට වේදෝයි දැනගන්නා පිණිස දාදු දමමුයයි කීවෝය. මෙසේ වුණේ, මාගේ වස්ත්‍ර ඔවුන් අතරේ බෙදාගෙන, මාගේ සළුව පිණිස දාදු දැමුවෝය යන ලියවිල්ල සම්පූර්ණවන පිණිසය. එහෙයින් හේවායෝ මේ දේ කළෝය.
මක්නිසාද මේ දේවල් සිද්ධවුණේ: උන්වහන්සේගේ ඇටයක්වත් බිඳිණු නොලැබෙන්නේයයි ලියා තිබුණු ලියවිල්ල සම්පූර්ණවන පිණිසය.
ගලීලයේ මනුෂ්‍යයෙනි, නුඹලා ස්වර්ගය දෙස බල බලා සිටින්නේ මක්නිසාද? නුඹලා කෙරෙන් ස්වර්ගයට ඔසවාගනු ලැබූ මේ යේසුස්වහන්සේ ස්වර්ගයට යනවා නුඹලා දුටු ආකාරයෙන්ම එනවා ඇතැයි ඔවුන්ට කීවෝය.
උන්වහන්සේ මේ කාරණා කී කල්හි, ඔවුන් බලා සිටියදීම ඔසවාගනු ලැබ, වලාකුළකින් වැසී, ඔවුන්ට නොපෙනී ගියසේක.
එහෙයින් උන්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණතින් උසස්කරනු ලැබ, පොරොන්දුවූ ශුද්ධාත්මයාණන් වහන්සේ පියාණන්වහන්සේගෙන් ලබා, නුඹලා අසන දකින මේ දේ වැගිරෙවුසේක.
නුමුත් ස්වකීය ක්‍රිස්තුස්වහන්සේ විඳිනසේකැයි දෙවියන්වහන්සේ සියලු අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් පෙර දැන්නෙවුවාවූ දේවල් මෙසේ සම්පූර්ණකළසේක.
ක්‍රිස්තුස්වහන්සේ තුළවූ මනුෂ්‍යයෙක් දනිමි, ඔහු දසසතර අවුරුද්දකට ප්‍රථම තුන්වෙනි ස්වර්ගයට පවා ඇදගන්නාලද්දේය. එසේවුණේ ශරීරයෙන් යුක්තවද ශරීරයෙන් වියුක්තවද කියා නොදනිමි; දෙවියන්වහන්සේ දන්නාසේක.
එහි පළල, දිග, උස, ගැඹුර කිමෙක්ද කියා තේරුම්ගන්ට නුඹලාට පුළුවන්වන පිණිසත්, උන්වහන්සේගේ මහිමයේ සම්පෙත් හැටියට නුඹලාට දෙන මෙන් යාච්ඤාකරමි.
මක්නිසාද උන්වහන්සේ තුළ මුළු පූර්ණකම පැවතීමටත්, උන්වහන්සේගේ කුරුසියේ ලෙයින් සමාදානය උපදවා,
දේවභක්තියේ රහසද නිසැකවම මහත්ය; උන්වහන්සේ මාංසයෙහි ප්‍රකාශවූසේක, ආත්මයෙහි ධර්මිෂ්ඨව ඔප්පුවූසේක, දූතයන්ට පෙනුණුසේක, අන්‍යජාතීන් අතරේ ප්‍රකාශකරනු ලැබූසේක, ලෝකයෙහි අදහනු ලැබූසේක, තේජසට ඔසවාගනු ලැබූසේක.
එබැවින් අහස පසුකරගියාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් නම් මහා උත්තම පූජකයෙක් අපට සිටින නිසා, අපේ ඇදහිල්ල තදින් අල්ලාගන සිටිමු.
එබඳුවූ ශුද්ධවූ, නිවැරදිවූ, නොකිලුටුවූ, පව්කාරයන්ගෙන් වෙන්වූ, ස්වර්ගවලට වඩා උසස්වී සිටින්නාවූ උත්තම පූජකයෙක් අපට යෝග්‍යවූයේය.
ඉතින් අප කියන දේවලින් ප්‍රධාන එක නම් ස්වර්ගවල මහෝත්තමයාණන්වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ හිඳගත්තාවූ,