නෝවාගේ ජීවිතයේ හයසියවෙනි අවුරුද්දේ දෙවෙනි මස දස සත්වෙනි දිනයෙහිම මහත් ගැඹුරේ සියලු උල්පත් බිඳී ගියේය, ආකාශයේ කවුළුද ඇරුණේය.
උත්පත්ති 8:2 - Sinhala Revised Old Version ගැඹුරේ උල්පත්ද අහසේ කවුළුද පියනලද්දේය; අහසෙන් වර්ෂාවද නවත්වනලද්දේය. Sinhala New Revised Version මහා සමුද්‍රයේ උල්පත් හා අහසේ කවුළු වැසිණි. අහසින් වැටුණු වැස්ස ද නැවතිණි; Sinhala New Revised Version 2018 මහා සමුද්‍රයේ උල්පත් හා අහසේ කවුළු වැසිණි. අහසින් වැටුණු වැස්ස ද නැවතිණි; |
නෝවාගේ ජීවිතයේ හයසියවෙනි අවුරුද්දේ දෙවෙනි මස දස සත්වෙනි දිනයෙහිම මහත් ගැඹුරේ සියලු උල්පත් බිඳී ගියේය, ආකාශයේ කවුළුද ඇරුණේය.
මක්නිසාද තව සත් දවසකින් දහවල් සතළිසක්ද රෑ සතළිසක්ද පොළොව පිට වැසි වස්වන්නෙමි; මා විසින් සාදනලද ජීවමාන සියල්ල භූමිය මතුපිටින් නැතිකරදමන්නෙමියි කීසේක.
ඔබ මුහුද මධ්‍යයේ ගැඹුරට මා හෙළූසේක, ජලධාරාවද මා වටකර තිබුණේය; ඔබගේ රැළ හා ඔබගේ ජලකඳු සියල්ල මට උඩින් ගලාගියේය.
මක්නිසාද මමත් ආණ්ඩු බලයට යටත් මනුෂ්‍යයෙක්ය, මා යටතෙහිද හේවායෝ සිටිති. එක්කෙනෙකුට: යවයි මා කී කල, ඔහු යන්නේය; තව කෙනෙකුට: එවයි කී කල, ඔහු එන්නේය; මාගේ දාසයාට: මේක කරවයි කී කල, ඔහු ඒක කරන්නේයයි කීවේය.