ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 8:11 - Sinhala Revised Old Version

පරෙවියා සවස් වේලෙහි ඔහු වෙතට ආවේය; බලව, අමු ඔලීව කොළයක් උගේ තුඩෙහි තිබුණේය. මෙසේ පොළොවෙන් ජලය බැසගිය බව නෝවා දැනගත්තේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සවස් කාලයේ දී ඌ ආපසු පැමිණියේ ය. පුදුමයකි! උගේ හොටෙහි අමු ඔලීව දළුවක් තිබිණි. මේ කරුණින් පොළොවෙන් ගංවතුර බැස ගොස් ඇති බව නෝවා දැනගත්තේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සවස් කාලයේ දී ඌ ආපසු පැමිණියේ ය. පුදුමයකි! උගේ හොටෙහි අමු ඔලීව දළුවක් තිබිණි. මේ කරුණින් පොළොවෙන් ගංවතුර බැස ගොස් ඇති බව නෝවා දැනගත්තේ ය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 8:11
5 හුවමාරු යොමු  

ඔහු තව සත්දවසක් බලා සිට නැවතත් පරෙවියා නැවෙන් පිටතට ඇරියේය;


ඔහු තව සත් දවසක් බලාසිට පරෙවියා පිටතට ඇරියේය; ඌ නැවත ඔහු වෙතට තවත් හැරී නාවේය.


පැල් සාදන පිණිස නුඹලා කඳුකරයට ගොස් ඔලීව අතුද වල් ඔලීව අතුද මරඳ අතුද තල් අතුද අතු ඝනව තිබෙන ගස්වල අතුද ගෙනෙන්නැයි ඔවුන්ගේ සියලු නුවරවලද යෙරුසලමෙහිද ප්‍රසිද්ධකර දැන්විය යුතුය කියාත් ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු බව ව්‍යවස්ථාවේ ලියා තිබෙනවා සම්බවුණේය.


(සමහරු) යවනු ලැබුවොත් මිස දේශනාකරන්නේ කොහොමද? මේ සම්බන්ධව: යහපත් දේ ගැන ශුභ ආරංචිය ගෙනෙන්නාවූ තැනැත්තන්ගේ පාද කොපමණ අලංකාරද! කියා ලියා තිබේ.