උත්පත්ති 8:10 - Sinhala Revised Old Version ඔහු තව සත්දවසක් බලා සිට නැවතත් පරෙවියා නැවෙන් පිටතට ඇරියේය; Sinhala New Revised Version ඔහු තව සත් දවසක් බලා සිට පරෙවියා නැවෙන් පිටතට යළිත් යැවී ය. Sinhala New Revised Version 2018 ඔහු තව සත් දවසක් බලා සිට පරෙවියා නැවෙන් පිටතට යළිත් යැවී ය. |
මක්නිසාද තව සත් දවසකින් දහවල් සතළිසක්ද රෑ සතළිසක්ද පොළොව පිට වැසි වස්වන්නෙමි; මා විසින් සාදනලද ජීවමාන සියල්ල භූමිය මතුපිටින් නැතිකරදමන්නෙමියි කීසේක.
පරෙවියා සවස් වේලෙහි ඔහු වෙතට ආවේය; බලව, අමු ඔලීව කොළයක් උගේ තුඩෙහි තිබුණේය. මෙසේ පොළොවෙන් ජලය බැසගිය බව නෝවා දැනගත්තේය.
එහෙත් ජලය මුළු පොළොව මතුපිට තිබුණු බැවින් පරෙවියා උගේ පතුල තබන්ට තැනක් නොලැබ ඔහු වෙත නැවට හැරී ආවේය. ඔහු තමාගේ අත දිගුකොට ඌ අල්වා තමා වෙත නැවට ගත්තේය.
එසේය, ස්වාමීන්වහන්ස, ඔබගේ විනිශ්චයවල මාර්ගයෙහි අපි ඔබ ගැන බලාසිටියෙමු; අපේ ආත්මයේ ආශාව ඔබගේ නාමය හා ඔබගේ සංඥා නාමය කෙරෙහිය.
මම වනාහි යාකොබ්ගේ වංශයෙන් තමන්ගේ මුහුණ සඟවාගන්න ස්වාමීන්වහන්සේ ගැන බලාසිට, උන්වහන්සේ ගැන බලාපොරොත්තුවන්නෙමි.