බලව, අහස යට ජීවන හුස්ම ඇති මාංසමයවූ සියල්ලන් විනාශකරන පිණිස මම පොළොව පිටට ජලගැල්ම පමුණුවමි; පොළොවෙහි ඇත්තාවූ සියල්ල නසින්නේය.
උත්පත්ති 7:10 - Sinhala Revised Old Version ඒ සත් දවසට පසු ජලගැල්ම පොළොවෙහි විය. Sinhala New Revised Version සත් දවසකට පසු මිහි පිට ජලගැල්ම ඇති විය. Sinhala New Revised Version 2018 සත් දවසකට පසු මිහි පිට ජලගැල්ම ඇති විය. |
බලව, අහස යට ජීවන හුස්ම ඇති මාංසමයවූ සියල්ලන් විනාශකරන පිණිස මම පොළොව පිටට ජලගැල්ම පමුණුවමි; පොළොවෙහි ඇත්තාවූ සියල්ල නසින්නේය.
මක්නිසාද තව සත් දවසකින් දහවල් සතළිසක්ද රෑ සතළිසක්ද පොළොව පිට වැසි වස්වන්නෙමි; මා විසින් සාදනලද ජීවමාන සියල්ල භූමිය මතුපිටින් නැතිකරදමන්නෙමියි කීසේක.
ඔව්හු නියම කාලයට පළමුවෙන් උදුරාගනු ලැබුවෝය, ඔවුන්ගේ අත්තිවාරමද ජලප්‍රවාහයකින් මෙන් ගහගන ගියේය.
නෝවා නැවට ඇතුල්වූ දවස දක්වා මනුෂ්‍යයෝ කමින්, බොමින්, සරණපාවාගනිමින්, සරණ පාවාදෙමින් සිටියෝය. ජලගැල්ම පැමිණ ඔවුන් සියල්ලන්ම විනාශකළේය.