උත්පත්ති 50:7 - Sinhala Revised Old Version එවිට යෝසෙප් තමන් පියා තැන්පත්කරන පිණිස ගියේය. ඵාරාවෝගේ සියලු මෙහෙකරුවෝද ඔහුගේ ගෙයි වැඩිමහල්ලෝද මිසර දේශයේ සියලු වැඩිමහල්ලෝද Sinhala New Revised Version එවිට ජෝසෙප් තම පියා භූමදාන කරනු පිණිස ගියේය. තවද, ඔහු කැටුව පාරාවෝගේ නිලධාරීහු සියලු දෙන ද ඔහුගේ රාජ සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මිසර දේශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සියලු දෙන ද Sinhala New Revised Version 2018 එවිට ජෝසෙප් තම පියා භූමදාන කරනු පිණිස ගියේය. තවද, ඔහු කැටුව පාරාවෝගේ නිලධාරීහු සියලු දෙන ද ඔහුගේ රාජ සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මිසර දේශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සියලු දෙන ද |
යෝසෙප්ගේ ගෙයි වැසි සියල්ලෝද ඔහුගේ සහෝදරයෝද ඔහුගේ පියාගේ ගෙයි වැසියෝද ඔහු සමඟ ගියෝය. ඔව්හු තමන්ගේ දරුවන්ද තමන්ගේ එළුබැටළු රැළවල්ද තමන්ගේ ගව රැළවල්ද පමණක් ගෝෂෙන් දේශයෙහි නවත්වා ගියෝය.