උත්පත්ති 49:32 - Sinhala Revised Old Version ඒ කෙත සහ එහි තිබෙන ගුහාවත් හෙත්ගේ පුත්‍රයන්ගෙන් මිලේට ගන්නාලදැයි කීවේය. Sinhala New Revised Version ඉඩම සහ එහි ඇති ගුහාව හෙත්ගේ සෙනඟගෙන් මිලයට ගන්නා ලදී”යි කීවේ ය. Sinhala New Revised Version 2018 ඉඩම සහ එහි ඇති ගුහාව හෙත්ගේ සෙනඟගෙන් මිලයට ගන්නා ලදී”යි කීවේ ය. |
ඔව්හු එහි ආබ්‍රහම් සහ ඔහුගේ භාර්යාවවූ සාරා තැන්පත්කළෝය; ඔව්හු එහි ඊසාක් සහ ඔහුගේ භාර්යාවවූ රෙබෙකාද තැන්පත්කළෝය; එහි මමද ලෙයා තැන්පත්කෙළෙමි.
යාකොබ් තමාගේ පුත්‍රයන්ට අණකර නිමකළ කල්හි තමාගේ පාද යහනට ඔසවාගෙන ප්‍රාණය හැර තමාගේ සෙනඟට එකතුවුණේය.